පරිසරය රැකීමට 5000ක හමුදාවක් | සිළුමිණ

පරිසරය රැකීමට 5000ක හමුදාවක්

මෙරට සියලු පරිසර දූෂණවලට විරුද්ධව කටයුතු කිරීමට හා පරිසර දූෂකයන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් 5000කින් යුත් සියලු බලතල සහිත පරිසර හමුදාවක් පිහිටුවන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බළකා 29ක් මඟින් නිලධාරීන් දෙසිය දෙනකු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය පරිදි මුලින්ම මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත කරනු ලැබේ. පසුව ඒ අයට පරිසර කටයුතු පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් දෙනු ලබන බවත්, ඔවුන් පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් සමඟ පරිසර දූෂණ කටයුතු වැළැක්වීමට යොදවනු ලබන බවත් චන්ද්‍රරත්න පසභාපතිවරයා කීවේය.‍

 

Comments