
ජනතාවට වැඩි සහන සැලසීමේ අරමුණින් සෑම මසකම 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයට කටයුතු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ පහළ යෑම අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වුවද ජනතාවට කඩිනමින් සහනයක්
ලබා දීම පිණිස සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනයට පියවර ගත්තද ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂණික ගැටලු නිසා මසකට වරක් මිල සංශෝධනයට පියවර ගත් බව ඇමැතිවරයා කීය. ඒ අනුව සෑම මසකම 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන බවත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් 6 දෙනකුගේ කමිටුවක් පත් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.