ඇමැති ගෝලයන්ගේ කැරැට්ටුව හඳුනාගනී | සිළුමිණ

ඇමැති ගෝලයන්ගේ කැරැට්ටුව හඳුනාගනී

අමිල මලවිසූරිය

කැබිනට් අමාත්‍යවරයකුට සමීපව කටයුතු කරන බව කියන අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනා හඳුනාගෙන ඇති බවත්, ඔවුන් ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සිළුමිණට පැවැසීය.

මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන්, කප්පම්කරුවන්, මංකොල්ලකරුවන් ආදි නීතිවිරෝධි ක්‍රියාවල නිරත ඕනෑම පුද්ගලයකු දේශපාලනඥයන් ඇසුරේ සිටියද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට කිසිදු විටෙක පොලීසිය පසුබට නොවන බව කී හෙතෙම එවැනි පුද්ගලයන්ට එරෙහිව පක්ෂ-පාට භේදයෙන් තොරව නීතිය එක හා සමානව ඉටු කරන බවද කීවේය.

 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ අගමැතිතුමාගේද උපදෙස් මත අපරාධකාරයන් ගැන විමර්ශනය කරන අතරේ අපරාධකාරයන් ඇසුරු කරන දේශපාලනඥයන් හටද නෛතිකව ගත හැකි සියලු පියවර ගන්නා බවද පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ කල්ක්‍රියාව ගැනත් ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් ගැනත් පොලීසිය දැඩි අවධානයෙන් පසු වන බවද අවධාරණය කොට සිටියේය.

Comments