
මහනුවර දිස්ත්‍රික්කයේ නාය-යෑම්වලට හා කඳු කඩාවැටීම්වලට ලක් වූ පාසල් හඳුනාගෙන, ඒ සඳහා ආරක්ෂක වැඩපිළිවෙළකට යෑමට හා අදාළ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ වන විට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය විසින් අවාදනම්සහගත පාසල් 48ක වාර්තාවක් සකස් කර ඇති අතර,
ඒ ඒ පාසල්වල අවදානම් තත්ත්ව අඩු-වැඩි වශයෙන් පවතියි. ගම්පහ, නාවලපිටිය, ගඟවට කෝරලය, පාතදුම්බර, උඩුදුම්බර, මැද දුම්බර, හාරිස්පත්තුව, හන්තාන ආදි ප්‍රදේශවල පාසල් මෙන්ම මහනුවර නගරයේ ප්‍රධාන පාසල් කිහිපයක්ද මේ යටතට අයත් වෙයි.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ මේ පාසල් 48න් දැඩි අවදානම් සහිත පාසල් 18ක් තෝරාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවත්, එයින් 8ක වැඩ කටයුතු මේ වන විටත් අවසන්ව ඇති බවත්ය. කෙසේ වෙතත් මේ පාසල් අතර සම්පූර්ණයෙන්ම අවදානම් පාසල් කිසිවත් නැති බවත්, ඒ ඒ පාසල්වල අවදානම් තත්ත්ව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් අදාළ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.