
ලෝක තරුණ නිපුණතා දින සමුළුව ඇමැතීමට නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා නිව්යොර්ක් බලා පිටත් වෙයි.
එක්සත් ජාතීන්ගේ ලෝක තරුණ නිපුණතා දින සමුළුව හෙට 16 වැනි දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූල්ස්ථානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. නියෝජ්‍ය ඇමැතිවරයා නායකත්වය දෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජිතයන් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා සහභාගිවීමට නියමිතය.