නව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න | සිළුමිණ

නව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ‍ෙජ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ‍උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, මීට මාස කිහිපයකට පෙර එම ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් අනතුරුව මෙම නව තනතුරට පත් කෙරිණි.

වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් විශාල පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියකු වූ ඒ මහතා මීට පෙර ක්‍රීඩා, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, ඵලදායිතා ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ස්ථිර ලේකම්වරයා ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

Comments