
ජනවාරි 8 දේශපාලන විප්ලවය පසුපස ලංකාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සිටිෙය්ය. ඒ චරිත අතර විශේෂභුමිකාවක හිටපු කෙනෙකු ෙලස තුසිත හල්ලොලුව හඳුන්වා දිය හැකිය. මේ ඔහු සමඟ වත්මන් දේශපාලනය ගැන තත්ත්වය ගැන කළ කෙටි පිළිසදරකි. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ලෙස සේවය කරයි.
• ආණ්ඩුව දින 1000ක් ඉක්මවලා තියෙනවා. මේ දින 1000 ඉක්ම වුවට පස්සෙ ආණ්ඩුව යන ක්‍රමය ගැන ඔබ දකින්නෙ කොහොමද? සෑහීමකට පත් වෙනවද?
සියයට සියයක් නැති වුණත් විශාල වශයෙන් සෑහීමකට පත් වෙනවා. මේ යහපාලනය තුළ මිනිස්සුන්ට නොපෙනෙන, මේ රටේ සමාජය තුළ අති විශාල විපර්යාසයක් සිදුවුණා. උදාහරණයකට ගත්තොත් රාජපක්ෂ ආණ්ඩුව කාලෙ පගාවල අල්ලස නීත්‍යානුකූල කරල තිබ්බේ. කිසියම් ආයෝජකයෙක් ලංකාවට ආවා නම් එයාගෙන් මුලින් ම අහන්නෙ ඒ ව්‍යාපෘතියෙන් කීයක් කොමිස් දෙනවද කියලයි. ඒක ඇමතිවරුන්ගෙ මට්ටමට දක්වා ගියා; එතනින් එහාට නිලධාරීන් මට්ටමට ගියා. අමාත්‍යාංශයේ ලේකම්වරු පවා අහන්න පටන් ගත්තා ඔය ව්‍යාපෘතියෙන් අපිට කීයක් දෙනවද කියලා. අනතුරුව එතැනින් පල්ලෙහාට වෙනකන් ගලාගෙන ගියා. ඒ තිබුණ සංස්කෘතිය, යහපාලනය තුළින් සියයට සියයක් නැති වුණත් සියයට අනූවකට වඩා නැතිවෙලා තියෙනවා. දැන් ආයෝජකයෝ එද්දි කමිෂන් ඉල්ලන තත්ත්වයක නෑ. ඒ වැනි තත්ත්වයක් තිෙයනවා කියන්නෙ මූල්‍ය අපරාධ කරන්න බයයි.
• තුසිත හල්ලොලුව එහෙම කිව්වට ඕනෑම ආණ්ඩුවක ජනප්‍රියතම කාලෙ තමයි ආණ්ඩුවක් පටන් අරන් ගෙවෙන පළවෙනි අවුරුදු කිහිපය. හැබැයි පළවෙනියට තිබුණු මැතිවරණයෙන් මේ ආණ්ඩුවට ලොකු ජයක් ලැබෙන්නෙ නැහැ. මේ ආණ්ඩුව පරාදයි. මේ දේවලුත් එක්ක ඔබ කියපු කතාව එකට බැඳෙන්නෙ කොහොමද?
මේක මිනිස්සුන්ට තේරුම්ගන්න කාලයක් යනවා. මොකද අපි මාධ්‍ය සන්දර්ශන අතින් දුර්වලයි. ඒ කියන්නෙ රාජපක්ෂ ආණ්ඩුව කාලේ උදාහරණයකට ගත්තොත් කොට්ටාවෙ ඉඳන් කඩුවෙලට හයි වේ එක කරනකොට තියපු උත්සවේ වියදමින් විතරක් තව හයි වේ බාගයක් හදන්න පුළුවන්. එතකොට හම්බන්තොට වරායේ නැටුම් කණ්ඩායමට විතරක් ගෙවලා තිබුණා එක්කෝටි පනස්ලක්ෂයක්. එතකොට මේ ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන කියන දේවල්වලට වැය කරපු ජනතාවගේ සල්ලි වියදම් කරන එක නවත්තලා තියෙනවා. එතකොට බොහොම සීමිත විදියට මාධ්‍ය පාවිච්චි කරලා තමයි ප්‍රචාරයක් දෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුව කාලේ විවිධ ජාවාරම්වලින් උපයගත්ත මාධ්‍යවේදීන් ඉන්නවා. ඒවටත් යටවෙන ගමන්, ඒවා පරාජය කරන් ගමන් තමයි අපිට ජනතාව නියමාකාරයෙන් දැනුවත් කරන්න සිදුවෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ඉතා අමාරු කාර්යභාරයක්. මොකද මේ ආණ්ඩුවටත් පුළුවන් සල්ලි විසිකරලා ගිය ආණ්ඩුව කළා වගේ මාධ්‍ය සංදර්ශන තියලා මහ ලොකුවට පෙන්නන්න. අමාත්‍යාංශවලින් අඩුගානේ පත්තරේක ෆුල් පේජ් ඇඩ් එකක් දාන එක පවා සීමා කරලා තියෙනවා මේ වෙනකොට. මොකද නිරපරාදේ ජනතාවගෙ සල්ලි වියදම් කරන්න ඕනෙ නැති නිසා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි ජනතාව තේරුම් අර ගත්තෙ මේ ආණ්ඩුව කරපු කාර්යභාරය පිළිබඳව. ඒක මම පෞද්ගලික ව පරාජයක් විදියට දකින්නෑ. මම විශ්වාස කරනවා අපිට ඡන්දෙ දීපු හැට දෙලක්ෂය රාජපක්ෂලා ළඟට ගියේ නෑ. ඒ ඡන්දෙ දීපු හැටදෙලක්ෂය කලකිරීමක ඉන්නවා, එයාලා බලාපොරොත්තු වුණ දේවල් සියයට සියයක් වුනේ නෑ කියන එක පිළිබඳව.
• සමහරු කියනවා ජනවාරි 8 වැනිදා තිබුණු ප්රබෝධය අඩුවෙලා කියලා. ඒ කතාව ඇත්තද?
නෑ. ජනවාරි 8 වැනිදා මේ රටේ ජනාධිපතිවරයෙක් බලයට පත්කරන්නෙ, ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරවන්නෙ විශාල බලාපොරොත්තු ගොඩක් තියාගෙන. ඒ කියන්නෙ ඉක්මන්ට හොරු අල්ලන්න, හොරුන්ට දඬුවම් දෙන්න. මිනිස්සු ඉල්ලුවේ සංවර්ධන කාර්යභාරයක් නෙවෙයි; විශේෂයෙන්ම ඉල්ලුවේ හොරුන්ට දඬුවම් දීමයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ වෙච්ච වංචා, දූෂණ මොනවද කියලා දැන් රටේ ජනතාව දන්නවා. ඒවාට නිසියාකාරව කඩිනමින් ජනතාව බලාපොරොත්තු වුණු විදියට දේවල් සිද්ධ වුණේ නැති එක ඒ මැතිවරණයට විශාල විදියට බලපෑවා. ඒ මැතිවරණයේ අපිට ඡන්දෙ දීපු හැට දෙලක්ෂය මම දකින්නෙ ඡන්දපොළට ගියෙ නෑ. ඒක නිසා තමයි අනික් පැත්තට ජයග්‍රහණයක් විදියට මේක පෙනුෙණ්. එහෙම නැතුව අපිට ඡන්දෙ දීපු හැට දෙලක්ෂය ගිහින් ඉඳගත්තෙ නෑ; උඹලා වැරදියි කියලා රාජපක්ෂලා ළඟ.
• ඒ කියන්නෙ ඔබ හිතනවද මේ ආණ්ඩුවට ඔය කලකිරුණු කණ්ඩායම ආයේ ගෙන්නගන්න පුළුවන් කියලා මේ යන ක්‍රමය අනුව. ඒ කියන්නෙ මාධ්‍ය පිළිබඳව ගැටලුවක් තියෙනවනේ?
ඔව් මාධ්‍ය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපි පුළුවන් උපරිමයෙන් සමස්ත ජනතාව දැනුවත් කරනවා. අපි ඇතිකරපු සංවර්ධන ව්‍යාපෘති කොච්චරක් නම් තියෙනවද? මොරගහකන්ද ව්‍යාපෘතිය කියන්නෙ කොච්චර විශාල ව්‍යාපෘතියක්ද? මේ මොරගහකන්ද ව්‍යාපෘතිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ කළා නම් තවත් මොරගහකන්ද ව්‍යාපෘතියක් හදන්න තිබ්බා ඒකට යවන ප්‍රචාරවලින්. හැබැයි මේ වගේ අතිවිශාල ව්‍යාපෘති කරලා අපි ඒ වෙනුවෙන් ලබාදීපු ප්‍රචාරණ ඉතාම අඩුයි. ඉතින් ඒක නිසා තමයි ජනතාව හුරුවෙලා හිටපු සංස්කෘතියකින් වෙනස් වෙන්න සාමාන්‍ය කාලයක් ගතවෙනවා.
• ඔබ හිතනවද මේ අවුරුදු පහ ඇතුළත මේ යන ක්‍රමය අනුව ආණ්ඩුව සාර්ථකව කරගන්න ලැබෙයි කියලා.
මම විශ්වාස කරනවා අපේ ආණ්ඩුව යටතේ ඇතිවුණ සංස්කෘතිය අද පගාව දෙන්න බයයි. අල්ලස් දෙන්න බයයි. ජනාධිපතිවරයාගෙ කාර්ය මණ්ඩල ප්රධානියාත් අත්අඩංගුවට පත්වෙනවා. ජනාධිපතිවරයා යටතේ තියෙන ඉම්පෝ කෝපරේෂන් එකේ සභාපතිවරයාත් අත්අඩංගුවට පත්වෙනවා. මං අහන්නෙ ඕක මේ ලංකා ඉතිහාසයේ සිද්ධ වුණා ද කවමදාවත්. ඒ කියන්නෙ කිසිම ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා ළඟ ඉන්න කවුරුවත් අල්ලස් ගත්තේ නැද්ද? ඕනෙතරම් අල්ලස් ගත්තනේ; ඕනෙතරම් පගාව ගත්තනේ; මේ රටේ ආසන්නතම ආණ්ඩු කාලේ ඒ කියන්නෙ රාජපක්ෂ ආණ්ඩුව කාලේ හිටපු කට්ටිය අල්ලස්, පගාව ගත්තද නැද්ද කියලා මේ රටේ ජනතාව දැන් දන්නවා. ඒ කාලේ එහෙම නීති තිබ්බෙ නෑ; නමුත් අද වෙද්දි නීතිය කාටත් එකයි; ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයාටත් එකයි; රටේ සාමාන්‍ය සාමාන්‍ය පුරවැසියෙක්ටත් එකයි. මේ 2015 ඇතිවුණු විප්ලවේ සමාජය තුළ ඇතිවෙච්ච විශාල හිතකර බලපෑම් නෙවෙයිද මේවා. අපි සමාජයේ ඉස්සරහට යනකොට යන්න ඕනෙ තත්ත්වයක් තුළ හොඳ ප්‍රවණතාවක් නෙවෙයිද මේක.
• 2015 ජනවාරි 8 වෙනකොට යහපාලනයත් එක්ක හිටපු සමාජ බලවේග තවමත් යහපාලනය ආණ්ඩුව සමඟ ඉන්නවද කියන එක ගැටලුවක් නේද?
මම කියන්නේ අපිව බලයට ගේන්න එකතු වෙච්ච බලවේග තවමත් අපිත් සමඟ ඉන්නවා. ඇත්ත සියලුදෙනාට කලකිරීම් තියෙනවා. මොකද මිනිස්සු ආණ්ඩුවක් පත් කරන්නේ සියයට සියයක් බලාපොරොත්තු තියාගෙන. විවිධ අතපසුවීම් වුණාම ඒ බලාපොරොත්තු බිඳෙන අවස්ථා එනවා. ලංකාවේ දේශපාලනේ ගත්තම පනස් ගණන්වලල හැටේ දශකයේ, හැත්තෑව දශකයේ සහ හැත්තෑ හතේ මැතිවරණයේ ජනතාව ඡන්දය පාවිච්චි කළේ බඩවියත ගැන හිතලා. හාල්වලට, ඇට රාත්තල්වලට අනුව තමයි ඡන්දය දුන්නේ. 1994 වෙනකොට මේ රටේ දේශපාලනය වෙනස් වෙනවා. 1994 මැතිවරණෙට මිනිස්සු ඡන්දෙ දුන්නේ කෑම ගැන හිතලා නෙවෙයි. රටේ පැවති භීෂණයට විරුද්ධව. ලංකාවේ දේශපාලනයේ පළවෙනි වතාවට තමයි දූෂණයට විරුද්ධව ,හොරකමට, අල්ලසට, පැහැරගෙන යෑම්වලට, මංකොල්ලකෑම්වලට විරුද්ධව 2015 ජනවාරි විප්ලවය ඇතිවෙන්නේ. මාධ්‍යවේදී ඝාතනල සුදු වෑන් සංස්කෘතිවලට විරුද්ධව සහ එක පවුලක් රටේම ධනය සූරාකන මොහොතක දූෂණය මුල්කරගෙන තමයි 2015 යහපාලන රජය එන්නේ. ඒ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. හැබැයි ජනතාව අපේක්ෂා කරපු මට්ටමටම ඒක කරගෙන යන්න හැකියාව ලැබුණද කියන එක ගැටලුවක්. හැබැයි අලුත් සංස්කෘතියක් ඇති කළේ නෑ කියලා කාටවත් කියන්න බෑ. ඒ කියන්නේ ස්වාධීන අධිකරණ තීන්දු ගන්න පුළුවන් උස් පහත් භේදයකින් තොරව හොරකමටල වංචාවට විරුද්ධ වන සංස්කෘතියක් ඇතිවෙලා තියෙනවා.
• පූජ්‍ය පක්ෂය නැත්නම් ආගමික නායකයෝ ලංකාවේ දේශපාලනය සමඟ ගොඩක් සම්බන්ධ වෙනවා. සමහර දේශපාලන තීන්දු ගන්නත් ජනතාවට ඒක රුකුලක් වෙනවා. මෑතකදී අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන්වහන්සේ ලංකාවට හිට්ලර් කෙනෙක් වගේ නායකයෙක් වෙන්න කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට ආයාචනය කරනවා. තුසිත හිතන්නේ ලංකාවට හිට්ලර් කෙනෙක් අවශ්‍යයි කියලද?
මේක ටිකක් දිග උත්තරයක්. අපි 1505 ඉඳලම යටත් විජිත ජාතියක් අපි පෘතුගීසින්ට ලන්දේසීන්ට, ඉංග්‍රීසින්ට යටත්වෙලා හිටපු ජාතියක්. ඒක නිසා කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ යටත්විජිත ජාතියක් විදියට. එතකොට අපි කැමැතියි කාටහරි යටත්වෙලා බැනුම් අහන්න, ගුටිකන්න, මරණීය තර්ජන කරනවට. මොකද අපේ ඇඟේ තාම වහල්කම ගැබ්වෙලා තියෙනවා. හැබැයි ඒක සියයට සියයක්ම නෙවෙයි. මෙන්න මේ වහල්භාවය නැතිවෙච්ච නැති ඇඟේ තාම තියෙන කට්ටිය තමයි කැමති රටේ ඒකාධිපතියෙක් හදන්න. නායකත්වයට මිනීමරුවෙක් හරි කමක් නැහැ ඒ අය සුදු රෙදි අන්දලා ගේන්න කැමතියි. ඒවගේම එහෙම අය තමයි මේ රටේ මහ දවල් සුදු වෑන්වලින් මිනිස්සු උස්සපුල අතුරුදහන් කරපුල මාධ්‍යවේදීන්ව මහදවල් ඝාතනය කරපු අයව නායකත්වයට ගේන්න යන්නේ. මේ අය හිතන්නේ ඒ අයගේ වහල් මානසිකත්වය නිසා මේවා මිනිස්සුන්ට අමතකයි කියලා. දකුණු අප්‍රිකාව ගත්තත් ඒ මිනිස්සුන්ව වහල්භාවයෙන් මුදවාගත්තට පස්සෙත් ඒ වහල්කම හොඳයි කියපු කණ්ඩායම් හිටියා. ඒ කියන්නේ වහල්භාවයට ආදරේ කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ මෙහෙත් සීමිත පිරිසක් ඉන්නවා වහල්කම් කරන. ඒක ජානමය ගැටලුවක්. ඒක නැතිවෙන්න තව පරම්පරා ගානක් යයි. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ ඒකාධිපතියන්ව ගේන්නල මිනීමරුවන්ව රජ කරවන්න ආසාවක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුරුදු නැහැ නිදහස විඳින්න, ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද කියලා දන්නෑ, මානව අයිතිවාසිකම් මොනවද කියලා දන්නෑ. බටහිර සංස්කෘතියත් එක්ක ඉන්න මිනිස්සු විඳින නිදහස මොකක්ද කියලා තේරුම්ගන්න එයාලට හැකියාවක් නෑ.
• තවත් ඉතාමත් පුංචි කාලයක් තමයි මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ. හිතනවද මේ තියෙන ගැටලු එක්ක ඇතිවෙන ජනතා අප්‍රසාදය සමඟ ආණ්ඩුව ශක්තිමත්ව මීළඟ මැතිවරණවලදීත් ඉදිරියට යයි කියලා?
මේ ආණ්ඩුවේ ඉලක්කය 2020 නෙවෙයි 2025. අපි 2025 වෙනකොට මේ රට පොහොසත් රටක් කරනවා. ඒක තමයි අපේ තේමාව. මේ රට අපි සංස්කෘතික වශයෙන්, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ශක්තිමත් කරන ගමන් ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් අපි නිර්මාණය කරනවා. 2015දී අපිට තිබුණට වඩා ජනවරමක් අපි 2020දී ගන්නවා කියන එකත් 2025 වෙනකන් මේ ආණ්ඩුව නිරුපද්‍රිතව ඉදිරියට යනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි තියෙන ගැටලු කිහිපයක් තමයි මේ ආණ්ඩුව ඇතුළෙම ඉඳන් ආණ්ඩුවට වින කරන කණ්ඩායම් කිහිපයක් සිටීම.
ඒ කණ්ඩායම් තමයි ඔය සමාජජාල තහනම් කිරීම්, වෙබ් අඩවි තහනම් කිරීම් වැනි ආණ්ඩුව අපහසුතාවට පත්වෙන තීරණ ගත්තේ. ඒ වගේ කළු පැල්ලම් ඇතිවීම නිසා ජනතා අප්‍රසාදය යම්තාක් දුරට සමාජජාලා වැනි අවකාශවල කතාබහට ලක්වෙනවා.
හැබැයි ඒ දේවල් සමස්ත ආණ්ඩුවම වගකිව යුතු දේවල් නෙවෙයි. ආණ්ඩුව ඒවා නිරාකරණය කළා.
මේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වුණා නම් පත් වුණේ මේ ආණ්ඩුව ගේන්න ජනවාරි 8 එකතුවෙච්ච බලවේග නිසා නෙවෙයි. ජනවාරි 9න් පස්සේ පෞද්ගලික වාසි වෙනුවෙන් පාවාදීම් කරමින් එකතුවුණ යහපාලන සංකල්පය ඔළුවේවත් නැති කණ්ඩායම් කිහිපයක් නිසා ජනතාව ඒක තේරුම් අරන් ඉන්නේ.