මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණය සිදු කෙරෙන වේදිකාවේ පවත්වන ලද ආන්දෝලනාත්මක කථාවෙහි සාරය උකහාගැනීම හෝ නිවැරදිව විශ්ලේෂණය කිරීම පසෙක තබා, මේ වන විට සිදු වෙමින් පවතින්නේ, ඒ කථාවෙන් වියුක්ත කරගන්නා ලද පද පේළි කිහිපයක් අල්ලාගෙන, ‘ආතල්’ ගැනීමේ ක්‍රියාවලියක් පමණි. එය ශ්‍රී ලාංකික අපට උරුම වූ දෙයකි. අපගෙන් බහුතරය, ඕනෑම සමාජ කතිකාවකට...