බේරේ වැව අවට දැන් හැම­ටම සුව පහසු තැන් | සිළුමිණ

බේරේ වැව අවට දැන් හැම­ටම සුව පහසු තැන්

“බේරේ ගද නෑරේ” කිව්වා මත­කය. “සේරම කොළඹ කුණු බේරේට” කිව්වාත් මත­කය. ඒත් බේරේ අවට සිදු­වෙන වත්මන් සංව­ර්ධන වැඩ­ක­ට­යුතු අනුව අපට පැව­සිය හැක්කේ “බේරේ අවට දැන්” “හැම­ටම සුව පහසු තැන්” යනු­වෙනි.

එදා ගද ගැසූ බේ‍රේ වෙනු­වට දැන් ඇත්තේ ලස්සන අලං­කාර බේරේ වැවකි. නීල හරිත සුව පහසු මං තීරු, ළමා උද්‍යාන හා නග­රයේ සැබෑ සුන්ද­ර­ත්වය විදීමේ ඉඩ­කඩ සදන ලස්සන මං පෙත් දැන් බේරේ වටා ඉදිවී ඇත. එදා තිබූ ගඳත් අද නැත.‍ නිල්වන් හා අලං­කාර ජල තිර­යක හංස බෝට්ටු­වෙන් යන එතෙර මෙතෙර සංචා­ර­ක­යන් සිටින බේරේ ජල තීරය ඉදිරි අනා­ග­තයේ මේ රටේ ප්‍රධාන ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ පාරි­ස­රික සංචා­රක කේන්ද්‍ර­ස්ථා­නය බවට පත් කිරී­මට රජය දැන් කට­යුතු කර­මින් සිටී.

බේරේ වැවට මේ සංචා­රක ආක­ර්ෂ­ණය හා මේ ලස්සන ආවේ මහ නගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මෙහෙ­ය­වන කොළඹ නග­රයේ ජල මූණත් සංව­ර්ධ­නය කිරීම සඳහා වූ කොළඹ අග­න­ගර ආශ්‍රිත නාග­රික සංව­ර්ධන ව්‍යාපෘ­තිය යටතේ නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ක්‍රියා­වට නංවන බේරේ වැව සංර­ක්ෂණ හා රේඛීය උද්‍යාන ඉදි­කි­රීමේ වැඩ­පි­ළි­වෙළ නිසා ය.

මේ වැඩ­පි­ළි­වෙළ යටතේ ඉදිවූ බේරේ වැව නැගෙ­න­හිර ඉවුර සංර­ක්ෂණ ව්‍යාප‍ෘ­තියේ හා රේඛීය උද්‍යා­නය (නැගෙ­න­හිර බේරේ නැගෙ­න­හිර ඉවුර) ජනතා අයි­ති­යට පත් කිරීම පසු­ගි­යදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­විය.

ලේක්හ­වුස් ආය­ත­නය ඉදි­රි­පිට සිට කිලෝ­මී­ටර් 2.5 ක් දුරට වොක්ෂෝල් වීදිය දක්වා ඉදිවූ මං තීරු­වක් ළමා උද්‍යාන, විවේක ගැනීමේ ස්ථාන හා සුන්දර හරිත මං තීරු හා ගහ­කොළ මෙයට අයත් වෙයි. මුළු ව්‍යාපෘ­ති­යට රුපි­යල් මිලි­යන 640 ක් වැයවී ඇති අතර වැඩ­ස­ට­හන මෙහෙ­ය­වීම සිදු කෙළේ මෙට්රෝ කොළඹ නාග­රික සංව­ර්ධන ව්‍යාපෘ­තිය මගිනි‍.

මේ ව්‍යාපෘ­තිය ඉදි­කි­රී­මට වොක්ෂෝල් වීදියේ සිටි දුප්පත් පවුල් 350 ක් ඉන් ඉව­ත්කර දෙම­ට­ගොඩ ප්‍රදේ­ශයේ මහල් නිවාස ලබාදී තිබේ. එම ජන­තාව කිසිම විරෝ­ධ­ය­කින් තොරව ඒ නිවා­ස­ව­ලින් ඉව­ත්වීම විශේ­ෂ­ත්ව­යකි.

මේ කට­යු­තු­වල පෙර­මුණ ගත් ඇමැති පාඨලී චම්පික මහතා පව­සන්නේ මේ අලුත් මං තීරුව ඊළ­ඟට මහ­ජන බැංකු මූල­ස්ථා­නය දෙස­ටත් පසුව ගංගා­රා­මය පැත්තෙන් හිල්ටන් හෝට­ලය දෙස­ටත් දිගු කරන බවයි‍.

ඒ සියලු කට­යුතු නිම­වී­මෙන් පසු ඉස්සර පැල්ප­ත්වා­සීන් විසූ දුගද හමන කොළඹ නග­රයේ කුණු කන්දල් ඇද­ගෙන යන මේ බේරේ අවට ප්‍රදේ­ශය රටේ ආර්ථික සංචා­රක ප්‍රධාන මර්ම­ස්ථා­නය බවට පත් කරන බව ද ඇමැ­ති­ව­රයා පව­සන්නේ ‘බේරේ’ අගය ඉහ­ළට නංව­මිනි.

මේ අනුව බේරේ අව­ටත් කොළඹ නාග­රික ප්‍රදේ­ශ­යත්, පිට­තින් පම­ණක් නොව අභ්‍ය­න්තර ලෙස ද මල­ප්‍ර­වා­හන ජලා­ප්‍ර­වා­හන පද්ධති අලුත් ආකා­ර­යෙන් සක­ස්කර කොළඹ නග­රය ඇතු­ළ­තින් පිරි­සිදු කිරී­ම­ටත් දැන් ව්‍යාපෘති ක්‍රියා­ත්මක වේ. ඉදි­රි­යේදී බේරේ වැවේ පතුලේ තැන්පත්ව ඇති ඉතා­මත් අපි­රි­සුදු පස් තට්ටුව ද ඉවත් කෙරේ. ඒ අනුව යළි බේරේ ගද අවට දැනෙ­න්නට ඉඩ නැත.

ඉදිරි වසර 10 ඇතු­ළත මේ ගොඩ­න­ගන ජල තීරුව එනම් බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ රටේ ආර්ථි­කයේ ප්‍රධාන මර්ම­ස්ථා­නය ගොඩ­න­ගන ජල තීරය බවට පත් කිරී­මට කට­යුතු කෙරේ. කොටුව දුම්රිය ස්ථානයේ සිට මහ රෝහ­ලට ජන­තාව ගෙන යාමට මේ නව ජල තීරුව බේරේ වැව යොදා ගැනී­මට කට­යුතු කරන බව ද පාඨලී චම්පික ඇමැ­ති­ව­රයා පව­සයි.

ඊට අම­ත­රව මේ සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළ යටතේ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මාවත පැත්තේ ඇති දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ කොටුවේ ප්‍රධාන ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නය බවට පත් කිරීමේ කට­යුතු ආරම්භ කර තිබේ.

බේරේ අවට ඇති වරාය අධි­කා­රි­යට සතොස ආය­ත­න­යට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශ­යට ආදී රාජ්‍ය පෞද්ග­ලික ආය­ත­න­ව­ලට අයිති ඉඩම් අක්කර 200 අධික ප්‍රමා­ණය ප්‍රධාන ‍ ව්‍යාපා­රික මධ්‍ය­ස්ථා­නය ලෙස දියුණු කිරී­මට ද කට­යුතු කර­ගෙන යනු ලැබේ.

බේරේ වැව ආශ්‍රිත තවත් මහා පරි­මාණ ව්‍යාපෘති ගණ­නා­වක් බස්නා­හිර පළාත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මගින් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සු­ම්කර තිබේ. ඒ අනුව ප්‍රදේශ ගණ­නා­වක හරිත කලාප හා පාරි­ස­රික මං තීරු ඉදි කෙරේ.

ඒවා සියල්ල පවුලේ සෑම සියලු දෙනා­ටම විවේක සුවය ගැනී­මට ව්‍යායාම කිරී­මට හැකි ස්ථාන ලෙස පරි­සර හිත­කාමී නීල හරිත සැල­සුම් අනුව සංව­ර්ධ­නය කෙරේ. මේ යටතේ ළමා උද්‍යාන හා තවත් ව්‍යායාම මං තීරු ඉදි­කෙරේ.

මේ සියලු සංව­ර්ධන කට­යුතු ඉදි කෙරෙන්නේ බේරේ වැවේ සුන්ද­ර­ත්ව­යට හා එහි පාර­ම්ප­රික ජල රටා­වට කිසිම හානි­යක් සිදු නොවන පරිදි ය. වැව වටේ ඇති සියලු තාප්ප, අන­ව­සර ඉදි­කි­රීම් ඉවත් කරන අතර මායිම් සියල්ල එක දිගට එකම අයු­ර­කින් රේඛීය උද්‍යාන ලෙස අලං­කාර කරනු ලැබේ.

බේරේ වැවේ සංර­ක්ෂණ හා ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා රුපි­යල් දස ලක්ෂ 1000 ක් පමණ දැනට වැය කර ඇත‍. ඉන් රුපි­යල් දස ලක්ෂ 700 ක් මගින් මේ වන­විට නැගෙ­න­හිර හා බට­හිර බේරේ ඉවුරු ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම අව­සන් කර තිබේ.

ඒ සම­ඟම පසු­ගි­යදා ජනතා අයි­ති­යට පත්වූ නැගෙ­න­හිර බේරේ ව්‍යාපෘ­තිය යටතේ නැගෙ­න­හිර බේරේ වැව අසල සිට මැක­ලම් පිවි­සුම් උද්‍යා­නය හරහා යූනි­යන් පෙදෙ­සට බෝට්ටු සේව­යක් ක්‍රියා­ත්මක කිරී­මට ද යෝජි­තය.

 

 

ඡායා­රූප - විපුල අම­ර­සිංහ

Comments