මෑත ඉතිහාසයේ විශාලම ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය දියත් වෙයි | සිළුමිණ

මෑත ඉතිහාසයේ විශාලම ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය දියත් වෙයි

ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ගම්පෙරළිය ව්‍යාපෘතියට අදාළ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යවසායක ණය පාරාදීසය ණය යෝජනා ක්‍රමය පසුගියදා නිල වශයෙන් දියත් කෙරුණි. ව්‍යාපාර දිරිගැන්වීම උදෙසා මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ණය යෝජනා ක්‍රමය මෙය වන අතර, ඒ යටතේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ යන සෑම අංශයක්ම ආවරණය කෙරේ.

මෙමඟින් මෙරට ව්‍යාපාරිකයන්ට සහන රැසක් හිමි වන අතර එක් එක් අංශය පිළිබඳව සලකමින් සහන ණය යෝජනා ක්‍රම ගණනාවක් මේ යටතේ හඳුන්වා දී ඇත. මෙම ණය යෝජනා ක්‍රම අතුරින් උපාධිධාරීන්ට ව්‍යාපාර ඇරඹීමට ලබා දෙන ඇරඹුම ණය යෝජනා ක්‍රමය, සත්ත්ව පාලනය ආශ්‍රිත ස්වයං රැකියා සඳහා ලබා දෙන දිරි සවිය සහ මාධ්‍යව්දීන්ට මාධ්‍ය උපකරණ ලබා ගනීම සඳහා හඳුන්වා දෙන මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රම සඳහා රජය විසින් සම්පූර්ණයෙන්ම පොලී ගෙවන අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රම ගණනාවක් වෙනුවෙන් රජය පොලියෙන් සියයට 75ක්,සියයට 50ක් සහ සියයට 25ක් ලෙස පොලී ගෙවීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ණය යෝජනා ක්‍රමයෙහි ඇති විශේෂීත්වය වන්නේ කිසිදු පොලියක් අය නොකර ණය වාරික ගෙවීමට ව්‍යාපාරිකයන් හට රජයෙන් ලබාදෙන දායකත්වයයි.

 

Comments