පරිපාලන සේවා විභාග ප්‍රතිඵල අවුරුදු එකහමාරක් ප්‍රමාදයි | සිළුමිණ

පරිපාලන සේවා විභාග ප්‍රතිඵල අවුරුදු එකහමාරක් ප්‍රමාදයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ 2017 වර්ෂය සඳහා වන විවෘත හා සීමිත තරග විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වසර එකහමාරකට අධික කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් අයැදුම්කරුවන් බලවත් අපහසුතාවට පත්ව සිටින බව සිළුමිණට වාර්තා වේ.

වසරක කාලයක් ඇතුළත මෙම විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකළ යුතු වුවත් මේ වන තෙක් ප්‍රතිඵල නිකුත් නොකිරීමට හේතුව විභාග දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවය නිසා බව එම අයැදුම්කරුවෝ චෝදනා කරති.

2017 වර්ෂයේ ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා 2018 වර්ෂය සඳහා වන විවෘත හා සීමිත තරඟ විභාගයන් ද පැවැත්වීමට නොහැකි වී තිබීම නිසා 2018 වසරේ විභාගය සදහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිසට ද බලවත් අසාධාරණයක් සිදු වී තිබේ.

 

 

Comments