
නැවත දැනුම් දෙන තුරු රුහුණ විශ්වවිද්‍යාලයේ පිඨ 5ක් වසාදැමීමට එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරය තීරණය කර ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙයෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සිළුමිණට පැවසීය.
ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පිහිටි කළමනාකරණ පීඨය, ධීවර ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය, ධීවර පීඨය සහ තාක්ෂණ පීඨය යන පීඨ පහ වසාදැමෙන බව සඳහන් වේ. මේ සියලු පීඨවල සිසුන්ට 8 දා පස්වරු 3ට පෙර තම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී තිබිණි.