එය, වැලිත් දුහුවිලිත් මිස අහස් දියවත් නොලැබෙන බිම්කඩකි | සිළුමිණ

එය, වැලිත් දුහුවිලිත් මිස අහස් දියවත් නොලැබෙන බිම්කඩකි

එය, වැලිත් දුහුවිලිත් මිස අහස් දියවත් නොලැබෙන බිම්කඩකි. එහෙත් දැන් ඒ පොළොව සොබාදහම සමග පොරබදන කෙසඟ මිනිස් සමූහයකගේ අප්‍රතිහත ධෛර්යයේ බලයෙන් පලා පැහැයට හැරී තිබේ.

ගෙවිලියන්ගේ දෑත්වල කරගැට අතර පිරිමැදෙමින් දලු ලන මේ සරුසාර වගාව අපගේ කැමරා ඇසට හසු වන්නේ මේ රටේ ශුෂ්කතම පෙදෙසක් වන නොරොච්චෝලේදීය. ජීවිතය දුෂ්කරව හතිවැටුණු මොහොතක ඒ හිත දෙවරක් ප්‍රශ්න කරන්නට මේ දසුනේ මතකය නිසැකවම අවදිව පෙරට එනු ඇත.

ඡායාරූපය - සුසන්ත විජේගුණසේකර

Comments