බැඳුම්කර වාර්තාව පිටට දිය හැකියි - නීතිපති | සිළුමිණ

බැඳුම්කර වාර්තාව පිටට දිය හැකියි - නීතිපති

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ කොටස් වෙනත් පාර්ශ්වයන්ට ලබා දීමෙන් ඒ වංචාවට අදාළ ඉදිරි පරීක්ෂණවලට බාධාවක් සිදු නොවන බව නීතිපතිවරයා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී තිබේ.

මේ කොමිෂන් සභා වාර්තාවේ කොටස් වෙනත් පාර්ශ්වයන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා පසුගියදා නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙස් පතා සිටි අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ දැනුම්දීම කර ඇත.

බැඳුම්කර වාර්තාවේ කොටස් කිහිපයක් (c 350-c 360) ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් කතානායක කරූ ජයසූරිය මහතාට බාර දී තිබිණි.

Comments