
ආරියානා අලුත් වෙලා?
ගායිකා අරියානා ග්‍රාන්ඩේගේ පෙම්වතා වී සිටියේ මැක් මිලර්. ඔහු රැප් ගායකයෙක්. ඔහු සමඟ පැවති පෙම් සබඳකමට තිත තැබූ අරියානා වෙනත් කෙනෙකුට ළං වූවා. ඔහුගේ නම පෙටි ඩේවිඩ්සන්. ඔහු සිනමා නළුවෙක්. විකට ශිල්පියෙක්. ඇමෙරිකානු ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වී ඇති ‘සැටඩේ නයිට්ලයිව්’ නම්වූ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඩේවිඩ්සන්. පසුගියදා මේ වැඩසටහනේ තවත් කොටසක් පටිගත කිරීමෙන් පසුව පැවති සාදයට අරියානා ද එක්වී සිටියේ පුදුම සතුටකින්. මේ වනවිට ඩේවිඩ්සන් සහ අරියානා නිරතුරුවම හමුවන ‘ස්ථිර පෙම්වතුන්’ බවට පත්වී ඇතැයි මේ දෙදෙනාගේම මිතුරු මිතුරියන් පවසනවා.
සෙලින්ගේ මධුර ස්වරය යළිත්
සෙලින් සියොන් ගේ මියුරු සජීවී කටහඬ පසුගිය මාස දෙක තුළ රසික පිරිසට ඇසුණේ නැහැ. ඇය රෝගාතුර වී සිටියා. ඇය සැත්කමකටත් මුහුණදී සිටියා. ඇගේ දෙසවන් නොඇසී යෑම නිසයි ඇයට මෙවැනි නිහැඬියාවකට කොටු වී සිටින්නට සිදුවුණේ. කොහොම වෙතත් යළි සුවය ලද මේ කීර්තිමත් ගායන ශිල්පිනිය, පසුගිය සතියේ ලාල් වේගාස් නුවර සීසර්ස් පැලස් හි පැවැත්වුණු ඇගේ සංගීත ප්‍රසංගයේ ගී ගැයුවා. ගී ගයන්නට කලින් ඇය ප්‍රේක්ෂකාගාරය ඇමතුවා. “ඔබ දන්නවා, මම යළිත් ගී ගයන්නෙ ටික කාලයකට පසුවයි. මගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුණ නිසයි එහෙම වුණේ. නැවතත් ඔබ හමුවේ ගී ගයන්නට ලැබීම මට සතුටක්. මේ වේදිකාව මගේ නිවස වගෙයි. දැන් මට තනිවම ගී ගයන්න පුළුවන්. ඔබ අසා සිටින තාක් මට ගී ගයන්න පුළුවන්” රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාරය මැද්දේ සෙලින් ඩියොන් එලෙස පැවසුවා.
හැරී - මේගන් මෙක්සිකෝ යති
හැරී කුමරු සහ සුපිරි නිළි මේගන් මාක්ල්ගේ රාජකීය විවාහ මංගල්‍යයට මේගන් ගේ පියා සහභාගි නොවීම හැම දෙනෙකුටම ප්‍රශ්නයක් වුණා. ඇතැම් අය ප්‍රකාශ කළේ මේ විවාහයට මේගන්ගේ පියා අකමැතිවීම නිසා ඔහු නොපැමිණි බවයි. මේගන් සහ ඇගේ පියා අතර අමනාපයක් ඇතැයි ද පැවසුණා.
නමුත් අලුත්ම හොලිවුඩ් ආරංචිවල සටහන් වී තිබුණේ මේගන් තම පියා (තෝමස් මාක්ල්) ගේ සුවදුක් විමසීමට තම ආදරණීය සැමියා, හැරී කුමරු සමඟ මෙක්සිකෝවට යෑමට සූදානම් වන බවයි. මේගන්ගේ පියා පදිංචිව සිටින්නේ මෙක්සිකෝවේයි. ඔහුට මේ වනවිට හෘද සැත්කමක් සිදුකර තිබෙනවා. හැරී කුමරු තවමත් තම මාමණ්ඩිය මුණ ගැසී නැහැ. බ්‍රිතාන්‍ය රජ පවුලේ තොරතුරු දන්නා අයෙකු පැවසුවේ තෝමස් මාක්ල් මහතාව මුණ ගැසීමට හැරී කුමරු දැඩි උනන්දුවකින් පසුවන බවයි.
ආරධ්‍යා බච්චන් කාන්ස් යයි
ඓශ්වර්යා රායි මෙවරත් කාන්ස් සිනමා උලෙළට සහභාගි වුණා. තනිවම නොවෙයි. තම සිඟිති දියණිය ආරධ්‍යාත් එක්කයි. 71 වැනි වරටත් පැවැත්වුණු ලෝක ප්‍රකට කාන්ස් උලෙළට මේ පුංචි දියණිය ඓශ්වර්යාත් එක්ක රතු පලස මතින් ගමන් කරද්දී ලොව නන් දෙසින් පැමිණි කැමරා ශිල්පීන් තම කැමරා කාච ඔවුන් වෙතට යොමු කරන්නට දැඩි උනන්දුවක් දැක්වූ අතර ඓශ්වර්යාගේ අපූර්වතම ගවුමට වගේ ම ආරධ්‍යා වෙතටත් කාගේත් දැඩි අවධානය යොමු වුණා.
සිනමා උලෙළට සහභාගිවූ ඓශ්වර්යා, දියණියත් සමඟ ඉන්පසුව පැමිණියේ නවාතැන්ගෙන සිටින සුපිරි හෝටලයටයි. සිනමා උලෙළට නොපැමිණියත් ඓශ්වර්යාගේ මව වන බ්රින්ධ්යා රායි මහත්මිය ද ඔවුන් සමඟ ප්‍රංශයට පැමිණ සිටියා. එදින රාත්‍රියේ ඓශ්වර්යා තම මව සහ දියණිය සමඟ රාත්‍රී ආහාරය ගත්තේ තවත් හිතවත් කිහිප දෙනෙකුත් එක්කයි. අත්තම්මා ද (බ්රින්ධ්යා රායි) එහි පැමිණ සිටින දුටුව ආරධ්‍යාට ලොකු සතුටක් ඇති වුණා. ඇය අත්තම්මා ළඟට දුව ගොස් ඇය වැලඳගත්තේ කිව නොහැකි ප්‍රීතියකින්. මේ මොහොත, ඒ අවට රැඳී සිටි පැපරාසි කැමරාකරුවන්ට ඉස්පාසුවක් ඇති කළේ නැහැ. ඔවුන් දිගට හරහට මිනිබිරියගේත් අත්තම්මාගේත් ඡායාරූප ගන්නට පටන් ගත්තා. රාත්‍රී භෝජනයෙන් පසුව බ්රින්ධ්යා මහත්මිය හෝටලයෙන් නික්ම යන්නට සූදානම් වූ විට නම් ආරධ්‍යාගේ මුහුණෙහි රැඳී තිබුණේ දුක්බර ස්වරූපයක්. ඇය, අත්තම්මාට යන්න දුන්නේ නැහැ. තමන් සමඟ රැඳී සිටින්නැයි ඇය ඇවිටිලි කළා. ඇගේ හැඬුම්බර සිත අස්වැසූ ඓශ්චර්යා තම මවට පිටත්ව යන්නට ඉඩකඩ සැලසුවා.
රවීනාගේ අලුත්ම රංගනය
දැන් ඇය රංගන ජීවිතයේ කාර්ය බහුල නිළියක් නොවෙයි. අනූව දශකය තුළ රසික පරපුරේ ප්‍රසාදය දිනාගෙන ජය කෙහෙළි නැංවූ ඇය රංගනයට විතරක් නොවෙයි, ඡායාරූප ශිල්පයටත් පෙම් බඳිනවා. ඇය තමයි, රවීනා තැන්ඩන්.
රවීනා වඩාත්ම කැමැති වනසත්ව ඡායාරූපකරණයටයි. ඇය විසින් වරින්වර ගන්නා ලද වන සතුන්ගේ ඡායාරූප රැසක් තිබෙනවා. ඒ අතරින් තෝරාගත් ඡායාරූප 75 ක් එකතු කර ප්‍රදර්ශනයක් පවත්වන්නටයි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පසුගිය දිනවල වෙහෙසුණේ. මෙම ඡායාරූප අලෙවියෙන් ලැබෙන ආදායම ඉන්දියාවේ වනගත ප්‍රදේශවල පිපාසිතව දිය පොදක් අය දින වන සතුන්ට ජලය ලබාදීමේ කාර්යයට යෙදවීමටයි රවීනා බලාපොරොත්තු වන්නේ. මේ සද් කාර්යයට රවීනාට නොමසුරුව සහයෝගය දක්වන්නේ දන්ත ශල්‍ය වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින සරිටා සුබ්‍රමනියම් සහ පී.වී. සුබ්‍රමනියම් යුවළයි. ඔවුන් දෙදෙනාත් වනසත්ව ඡායාරූපකරණය විනෝදාංශය කරගත් යුවළක්. ඔවුන් දෙදෙනා ඉන්දියාවේ වනගත පෙදෙස්වල සංචාරය කරමින් ලබාගන්නා වන සතුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයට තබා ඒවා අලෙවි කිරීමට කටයුතු කරනවා. එම ආදායම මුළුමනින් ම වැය කරන්නේ පීඩා විඳින වනසතුන්ට ජලය ලබාදීමේ වැඩසටහන් වලටයි.