
පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්ව නිසා සිකුරාදා වන විට මරණ 16ක් වාර්තා වී ඇති අතර, පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 13,000කි. දිස්ත්‍රික්ක 20කට මේ ආපදාව බලපා ඇති අතර, ඉන් වැඩිම ආපදාවක් සිදු වී ඇත්තේ ගම්පහ, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්කවලටය. ආපදා නිසා එක් අයකු අතුරුදන් වී ඇති බවද වාර්තා වේ.
මේ දිස්ත්‍රික්කවල සිදු වන ආපදාවලට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 6,000ක් ඇතුළු සහන කණ්ඩායම් සූදානම්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.