
2017 වර්ෂයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශිෂ්‍යයන් බඳවාගැනීම ජූනි මස 05 සහ 06 යන දිනයන්හි සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන පීඨ 19ක පාඨමාලා 27කට අදාළව සිසුන් 4746 දෙනකු ඒ අනුව බඳවාගැනීමට නියමිතය. 2015 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත අපේක්ෂකයන්ගේ සුදුසුකම්වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙයි.