ගංවතුර පාලනයට කැලණි, කළු, අත්තනගලු ඔය දිගු වෙයි | සිළුමිණ

ගංවතුර පාලනයට කැලණි, කළු, අත්තනගලු ඔය දිගු වෙයි

කඩිනම් මහවැලිය හා සමාන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස කැලණි, කළු ගංගා සහ අත්තනගලු ඔය සංවර්ධන වාරි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ ව්‍යාපෘතියේ ප්‍රධානතම අපේක්ෂාව වන්නේ ගංවතුර පාලනය බවත්, එසේම ගංගාවල අතිරික්ත ජලය පානීය ජලය ඇතුළු ජලය අඩු ප්‍රදේශ කරා යොමු කිරීමට කටයුතු කිරීමට යෝජනා කර ඇති බවත් ඒ මහතා කීය.

ඒ අනුව කැලණි ගඟේ හා මල්වතු ඔයේ ජලය කුරුණෑගල හා පුත්තලම පළාත්වලට හා කළු ගඟේ ජලය මොනරාගල හා හම්බන්තොට පළාත්වලට යොමු කිරීමට යෝජනා කර ඇති බවද ඇමැතිවරයා කීය. එසේම වරායේ සිට කැලණි ගඟේ කඩුවෙල බියගම ප්‍රදේශ දක්වා කුඩා නෞකා ගමන් කිරීමේ ව්‍යාපෘතියක්ද මේ සමඟම ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා කීය. 

 

Comments