
පොලොන්නරුව සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේ තුන් වැනි වසරේ ඉගෙනුම ලබන උත්තරා ජනිත්‍රි සිසුවිය විසින් රචනා කරන ලද ලේන් පැටවු දෙන්නා ළමා ග්‍රන්ථය පසුගියදා නිකුත් විය. යුනෙස්කෝ ළමා සාහිත්‍ය සම්මාන වැඩ සටහන යටතේ කොළඹ ළමා පොත් සංගමය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික වැඩ සටහන අනුව පසුගිය වසරේ ළමා සාහිත්‍ය සම්මානය දිනූ ළමා කතාව වන්නේ ද මේ කෘතියයි.
ලේන් පැටවුන් දෙදෙනකු මුල් කර ගනිමින් මේ කුඩා දියණිය සමාජයට අගනා පණිවුඩයක් ලබා දෙයි. කුඩා දරුවන්ට කියවා රස විඳිය හැකි අන්දමට සරල හා රසවත්ව කිසියම් ඔවදනක් ලබා දීම පැසසිය යුතුය. දරුවන්ගේ සිත් ඇද ගන්නා අන්දමින් වර්ණ චිත්රවලින්ද මේ කෘතිය ලස්සන කර ඇත.