ආපදා සහන සඳහා රුපියල් ලක්ෂ 850 ක් | සිළුමිණ

ආපදා සහන සඳහා රුපියල් ලක්ෂ 850 ක්

ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාව සඳහා සහන සැලසීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් දැනට රුපියල් ලක්ෂ 850 ක් පමණ දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සිකුරාදා දක්වා ලබාදී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා කියයි.

ඒ අනුව 2018 ජනවාරි මාසයේදි සියලු දිස්ත්‍රික්කවලට ආපදා සහන සඳහා රුපියල් දස ලක්ෂය බැගින් ලබා දී ඇත.

ඒ සමඟම ඒ ඒ ප්‍රදේශවල සිදුවූ ආපදා හානි වෙනුවෙන් ජාතික ආපදා සහන අරමුදල මඟින් රුපියල් ලක්ෂ 350 ක් ලබාදී තිබේ. ඊට අමතරව නිවාස හානි වූ අය වෙනුවෙන් හදිසි ආධාරයක් ලෙස රුපියල් 10,000 ක් ලබාදීමට කටයුතු කර ඇත. ඒ සඳහා වැය කිරීමට වෙන්කර ඇති සම්පූර්ණ මුදල රු. ලක්ෂ දෙසිය හතළිස් එකකි. 

Comments