සමෘද්ධි බැංකුව පවරාගැනීමක් නෑ නියාමනයක් පමණයි | සිළුමිණ

සමෘද්ධි බැංකුව පවරාගැනීමක් නෑ නියාමනයක් පමණයි

සමෘද්ධි බැංකුව රජයට හෝ මහ බැංකුව යටතට පවරාගැනීමක් සිදු නොකෙරෙන අතර, සමෘද්ධි කළමනාකරණ කමිටුවේ කටයුතු නියාමනය කිරීම සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

2018 වසරේ මුල් කාර්තුවේ මූල්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවැසුවේය. සමෘද්ධි බැංකුව පවරාගැනීමට මහ බැංකුවේ සූදානමක් නැති අතර, සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති මහජනතාවගේ මුදල් ක්‍රමානුකූලව පාලනය කිරීම, ආරක්ෂා කිරීම හා ප්‍රතිලාභ බෙදා දීමේ කටයුතු නිසි පරිදි කළමනාකරණය, නියාමනය සමෘද්ධි කළමනාකරණ කමිටුවේ කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් එම කමිටු නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහයෝගය ලබා දීමට මහ බැංකුව මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන බවද අධිපතිවරයා කීය.

ආග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් යුතුව මහ බැංකුවේ පැවැති රැස්වීමකදී මේ නියාමන කමිටුව පිහිටුවීමට තීරණය කළ බවද ඒ මහතා පැවසුවේය. 

Comments