වර්ණක නැතිව පෙට් ස්කෑනරය වැඩ නෑ | Page 4 | සිළුමිණ

වර්ණක නැතිව පෙට් ස්කෑනරය වැඩ නෑ

අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මේ‍ යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත. කොළඹ ජාතික රෝහල වෙත මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රය මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා බව ද වාර්තා වී තිබේ.

පෙට්ස්කෑන් පරීක්ෂණයක් සඳහා විශාල මුදලක් වැයවේ. මේ වියදම කිසි සේත්ම රෝගියෙකු හට දරාගැනීමට නොහැකි බැවින් පිළිකා රෝගීන්ට සහනයක් ලෙස මේ විශේෂිත රසායනික වර්ණක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පෞද්ගලික අංශය මගින් ආනයනය කොට ලබාදී මේ යන්ත්‍ර දෙක රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පවසයි.

Comments