
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ හා මහජන ආරක්ෂාව පිණිස රුපියල් මිලියන 149ක ආරක්ෂිත උපකරණ ජපන් රජය විසින් ලබා දී ඇත. ඒ යටතේ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණ, ගුවන් සේවකයින් ප්‍රවාහන රථ, සන්නිවේදන උපකරණ, ගිලන් රථ ඇතුළු උපකරණ රාශියක් ඇතුළත්ය.
මේ ව්‍යාපෘතිය හරහා මෙරට මහජන ආරක්ෂාව වැඩි කිරීමට මෙන්ම අන්තර්ජාතික ලෙසින් ගුවන් තොටුපොළ ඉහළ තලයකට පැමිණෙනු ඇතැයි ජපන් රජය අපේක්ෂා කරන බව එම උපකතරණ තොගය පිරිනමමින් ජපන් තානාපති කෙනචි සුගනුමා මහතා පවසා ඇත.. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත ලබා දෙන මේ උපකරණ තොගය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත බාරදෙන ලදී.