කුරුණෑගල ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ලක්ෂ 2කට සෙත වියදම කෝටි 1325යි | සිළුමිණ

කුරුණෑගල ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ලක්ෂ 2කට සෙත වියදම කෝටි 1325යි

වයඹ පළාතේ කුරුණෑගල හා අවට පවුල් ලක්ෂ 2 කට අධික ගණනකට පිරිසුදු පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන කුරුණෑගල විසල් ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය දැන් ඉදිකර අවසන් වෙමින් පවතී.

රුපියල් දස ලක්ෂ 13250 ක වියදමින් ඉදිකරන මේ ව්‍යාප‍ෘතිය සඳහා චීන රජයෙන් ඇ‍මෙරිකන් ඩොලර් මිලියන 77.3 ක ආධාර ද ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පළමු වරට ජල සම්පාදන හා මලාපවහන සම්බන්ධතා ලබාදීමේ සේවා දෙකම එකම ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කරන අතර කොළඹින් පිටත ඉදිකරන ලද විශාලම ජලසම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය ද මෙය වන බවත් එය ළඟදීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන උත්සවයකින් එය ජනතා අයිතියට පත්කරන බව ද ජල සම්පාදන ඇමැති රවු‍ෆ් හකීම් මහතා පවසයි. 

Comments