
ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මානය මින් ඉදිරියට පාසල් කාන්තා ක්‍රිකට් ශූරීයන් වෙත ද පිරිනැමීමට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම තීරණය කර ඇත.
ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් සම්මාන උලෙළ මෙවර පැවැත්වෙනුයේ 40 වැනි වරටය. මෙලෙස කාන්තා පාසල් ක්‍රිකට් තරු උදෙසා සම්මාන පිරිනැමීමක් සිදු කෙරෙනුයේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරටය.
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ගනු ලබන පියවරක් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලබන වසරේ සිට මේ සම්මාන ප්‍රදානය සිදු කරනු ඇත.
මේ අනුව හොඳම පිතිකාරිය, හොඳම පන්දු යවන්නිය, හොඳම පන්දු රකින්නිය, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නිය හා හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව යන අංශ යටතේ සම්මාන ප්‍රදානය සිදු කෙරේ.