
ජන පාසල් හෙවත් ෆෝක් ස්කූල් නම් වූ මූලික ව්‍යායාමය, සමාජයක එකමුතුකම වර්ධනය කිරීමෙහිලා ඉතාම වැදගත් ප්‍රවේශයක් ලෙස බොහෝමයක් ස්කැන්ඩිවේනියානු රාජ්‍යයන් විසින් ලෝකයට ලබා දෙන ලද දායාදයක් විය. එහි මූලික පරමාර්ථය වූයේ සමාජයේ වෙසෙන වැඩිහිටියන් ඒකරාශී කරමින් ඔවුන්ට නිදහසේ කතා කිරීමට ඉඩ දී ඔවුන් තුළින්ම සමාජ ප්‍රගමනය සඳහා අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීමය. මෙම මූලික අදහසේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට අධ්‍යාපනඥ එන්. එස්. එෆ්. ගුරුන්වින්ග් ය. ප්‍රථම ජන පාසල් සමූහය ආරම්භ වූයේ 1844 දී බව සටහන් වී තිබේ. ආරම්භ වී ඉතාම කෙටි කාලයක් තුළදී මහත් ෙස් ප්‍රචලිත වූ මෙම සංකල්පය ඔස්සේ වැඩිහිටි අධ්‍යාපනයට නව මාවතක් විවර වූවා පමණක් නොව, සමාජ ප්‍රගමනය සඳහා වැඩිහිටියන් වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීමට අවශ්‍යය වටපිටාව සකස් කරනු ලැබීය.
මීට වසර දෙකකට පමණ පෙර මා, ඩෙන්මාර්ක් අගනුවර වන කෝපන්හේගන් හී ගත කළ ඉතාම කෙටි කාලය තුළදී, එම රටේ මූලික අඩිතාලම දැමීමට සමත් වූ මෙවැනි මූලික සංකල්ප තවමත් මිනිසුන් අතර ශක්තිමත්ව පැලපදියම් වී ඇති ආකාරය දැකීමට ලැබීම ඉතාම මනරම් අත්දැකීමක් විය.
රටක වෙසෙන සෑම පුරවැසියෙකුටම සමාජය කෙරෙහි ඇති ඇල්ම වැඩි කිරීම සහ එම සාමජය තුළ තමන්ගේ ජීවිතයට ඇති වටිනාකමක් ඇති බව ස්වාභාවිකවම අත්විඳීමට ඇති වටපිටාව සකස් කිරීම, යනු රාජ්‍යයක මූලික වගකීමකි. එවැනි දෑ කළ හැක්කේ එකිනෙකා ජීවත්වන වටපිටාව ස්වාභාවිකවම එම තත්වයට පත්වීමට අවශ්‍යමය පසුබිම සකස් කිරීමෙනි. සමාජය පරිපාලනය කිරීමේ අධිකාරී බලය ඇති සියලුම දෙනාගේ මූලික වගකීම වන්නේ එයයි. මානව නිදහස සුරක්ෂිත කරන පරිපාලන රටාවක් ලෙස අරුත් ගැන්විය හැක්කේ එවැනි පරිපාලන රටාවක්ය. ගුරින්වින්ග් විසින් හඳුන්වා දෙන ලද මෙම ජන පාසල් සංකල්පය පසුව ඇමෙරිකානු ජාතික ප්‍රකට අධ්‍යාපනඥයෙකු වූ මයිල්ස් හෝර්ටන් මෙන්ම දකුණු ඇමරිකාවේ විසූ ප්‍රකට අධාපනඥයෙක බ්‍රසීල ජාතික පෝලෝ ෆියෙරේ විසින් වඩාත් ආකර්ශනීය ලෙස භාවිතා කරනු ලැබීය.
ගුරුන්වින්ග් විසින් හඳුන්වා දෙන ලද ජන පාසල් සංකල්පය යළිත් මාගේ සිහියට නැඟුණේ, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන සහෝදර පාසල් වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදීය.
සහෝදර පාසල් යනු වෙනස්ම අත්දැකීමක් ලබා දීමට සමත් වැඩසටහනකි. මා හට, සම්පූර්ණ වැඩසටහන් දෙකකට සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර ඒ ගැන යම් කිසි සරල සටහනක් තැබීම අත්‍යවශ්‍යය යැයි සිතුණි. ඉන් පළමු වැඩසටහනට ශ්‍රීපාද ගුරු විද්‍යාපීඨයේදී පැවැත් වූ අතර ඊට අඩ්දාලච්චේනෙයි, ඌව සහ ශ්‍රීපාද ගුරු විද්‍යාපීඨවල අධ්‍යාපනය හදාරණ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වූහ. දෙවැනි වැඩසටහන මහනුවර ගුරුදෙනිය අධ්‍යාපාන මධ්‍යාස්ථානයේදී පැවැත්වුණි. ඊට අකුරැස්ස, වව්නියාව සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් නියෝජනය කරමින් පාසල් දරුවන් සිය ගණනක් සහභාගී වූහ.
සහෝදර පාසල් යනු අධ්‍යාපනික සංකල්පයක් ලෙස රටේ ජාතික සමගිය ඇති කිරීමේ පදනම ශක්තිමත් කිරීම වෙනුවෙන් සැලසුම් කරනු ලැබූ වැඩසටහනකි. එසේම එම සංකල්පය වඩාත් ඵලදායි ලෙස සකස්කරමින් ක්‍රියාවට යෙදවීමේ මූලික වගකීම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් ඉටුකරනු ලැබීය. එය සැබවින්ම පැසසිය යුතු කාරණයකි.
සහෝදර පාසල්, මීට වසර සිය ගණනකට පෙර යුරෝපය මෙන්ම ඇමෙරිකානු රටවල ව්‍යාප්තප්ත වූ ජන පාසල් හා සමානකම් රාශියක් පෙන්වනු ලබන වැඩසටහනක් වන බවට කිසිඳු සැකයක් නැත. එහි ඇති එකම වෙනස සහෝදර පාසල් වැඩසටහන පාසල් දරුවන් ඉලක්කගත කිරීමය. නමුත්, එහි මීළඟ පියවර ලෙස වැඩිහිටියන් සඳහා ව්‍යාප්ත කිරීමට අවශ්‍යය අඩිතාලම දැමීමට හැකි ඉඩ පුළුල් වී තිබේ. එහි පළමු පියවර ලෙස ගුරු විද්‍යා පීඨවල, අධ්‍යාපනය හදාරණ ගුරු ශිෂ්‍ය -ශිෂ්‍යාවන් මූලික කරගනිමින් ක්‍රියාවට නංවා තිබේ. එසේම එය තව දුරටත් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කර ගැනීමේ අවශ්‍යතාවයක් ජාතික මට්ටමින් තිබේ.
ජනපාසල් වැනි සංකල්ප රටේ මූලික ව්‍යුහයට ගැලපෙන අකාරයෙන් යොදා ගැනීම වැදගත් ය. වැඩිහිටි අධ්‍යාපනය ක්‍රියාවට නැංවීම සඳහා ඩෙන්මාර්ක් අත්දැකීම් මෙන්ම, දකුණු අප්‍රිකානු සමාජය තුළ වඩාත් ප්‍රචලිත වූ උබුන්ටු වැනි මූලික සමාජීය අදහස් ප්‍රයෝජනයට ගැනීම වඩාත් වැදගත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමේදී ඉතාම වැදගත් වේ. ඒ ඔස්සේ ළමුන් උදෙසා සිදු කරන සහෝදර පාසල් වැඩසටහන සහ වැඩිහිටි පරම්පරාව මූලික කර ගනිමින් ක්‍රියාවට නැංවිය හැකි වැඩසටහනක් මගින් දෙපාර්ශවය ශක්තිමත්ව එකතු කිරීමේ සමාජ මාවතක් නිර්මාණය වනු ඇත. පුරවැසියන්ගේ සම අයිතිය ගැන බස් දෙඩීමට වඩා වැදගත් වන්නේ සියලු පුරවැසියන් ස්ව කැමැත්තෙන්ම එකතු කරන මූලික වැඩපිළිවෙලකට ගමන් කිරීමට හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීමය. සමාජයක වෙසෙන කිසිවෙකු හුදෙකලා නොකිරීමේ වගකීම සෑම අයෙකුම සතුවන මූලික වගකීමකි.
එබැවින් මේ වන විට ක්‍රියාත්මක වන එහි මූලික වැඩසටහනක් ලෙස සහෝදර පාසල් වැඩසටහන ගැන විමසීම මෙන්ම රටේ සෑම දෙනෙකුටම ඒ ගැන දැනුවත් වීමේ මාවතක් සකස් කරදීම ඉතාම වැදගත් වේ.
සහෝදර පාසල් වූ කලී සමගියේ සංකේතයක් පමණක් නොව එය සමාජ සමගිය සහ සහජීවනය උදෙසා නිර්මාණය කරන මූලික සමාජ පදනමකි. එය ආකල්ප වෙනස්කරන ක්‍රියාවලියකි. එසේම, පරම්පරාවෙන් පරම්පරාවට දායාද කළ හැකි මෙන්ම කළ යුතු සමාජ වැඩපිළිවෙළකි.
සහෝදර පාසල් වැඩසටහනේ මූලික අදහස වන්නේ තම අගනාකම් බෙදාහදා ගැනීම සඳහා එකතුවීම බව එය දකින ඕනෑම අයෙකුට අවබෝධවන කාරණයකි. එහි මූලික ව්‍යුහය මෙසේය. දිවයිනේ, අධ්‍යාපනික කලාප තුනක පිහිටි පාසල් තිස්හයක් එක් වැඩසටනක් සඳහා මූලික තෝරා ගැනීම වේ. ඉන් පසු එක් පාසලකින් ළමයින් පස් දෙනා බැගින් තෝරා ගන්නා අතර, ඔවුහු භාරව එක් ගුරුවරයෙක් ඊට සහභාගී වේ. එක් කලාපයකින් එකතු වන මුළු ළමයින් ගණන හැටක් වන අතර ඉන් තිහක් ගැහැණු ළමයින් සහ අනෙකුත් තිස්දෙනා පිරිමි ළමුන් ලෙස තෝරා ගනු ලබයි. ඒ අනුව වරකට රටේ අධ්‍යාපන කලාප තුනකින් පාසල් ළමුන් 180 දෙනා බැගින් ඊට සහභාගී වෙති. මෙම ළමුන් තෝරා ගැනීමේදී මූලික වශයෙන් සලකා බලනු ලබන කාරණය වන්නේ ඔවුහු නියෝජනය කරන වාර්ගික සම්බවයයි. ඒ අනුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන වාර්ගිකයින් තුනම නියෝජනය වන පරිදි ළමයින් තෝරා ගනු ලබයි. මෙම වැඩසටහන සඳහා සහභාගී වන මූලික සංයුතිය වන්නේ එයයි.
එලෙස සහභාගී වන ළමයින් එක් ස්ථානයකට එකතු කොට කණ්ඩායම් වලට වෙන්කිරීම පළමු දිනයේදීම සිදු කරනු ලබයි. එක් කණ්ඩායමකට විසි දෙනා බැගින් කණ්ඩායම් අටක් නිර්මාණය කරනු ලබයි. එය, සැබවින්ම ඉතාම වෙහෙසකර අත්දැකීමකි. කණ්ඩායම්වලට වෙන් කිරීම වැඩසටහන මෙහෙයවන සම්පත් දායකයින් විසින් සිදු කරනු ලබන අතර ඔවුහු සෑම විටම එම කණඩායම් සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල් ළමයින්ගේ සම සංයුතියක් සහිතව නිර්මාණය කරනු ලබයි. සම්පත්දායකින් රටේ පොදු අධ්‍යාපාන ක්ෂේත්‍රය නියෝජනය කරන සහ එහි සේවය කරන නිලධාරීන් වෙති. එය වැඩසටහන වඩාත් ක්‍රමවත්ව මෙහෙවීම සඳහා අත්‍යවශ්‍ය වන මූලික කාරණයකි.
“කණ්ඩායම්වලට වෙන් කරන වෙලාවේ මම හිතුවේ, මගේ හොඳම යාලුවා හරි මගෙත් එක්ක තියා ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. කවදාවත්ම හමුවෙලා නැති, ජීවිතේට හම්බ වෙයි කියලා හිතුවෙවත් නැති ළමයි එක්ක එකතු වෙන්න යන්නෙ කියලා කියන කොටම මට ගොඩාක් දුක හිතුනා,” එක් ශිෂ්‍යාවක් තම අත්දැකීම් ගැන ප්‍රසිද්ධියේ සඳහන් කරනු ලැබුවාය.
“ ඒ වුණත් දෙවැනි දවස් පටන් ගන්නකොටම හිතුණා මේක කොච්චර හොඳ අත්දැකීමක්ද කියලා. පොත්වලින් විතරක් කියවලා තියෙන හෝ ඉඳල හිටලා ජීවිතේට හම්බ වෙන පිරිස් එක්ක ඉතාම කිට්ටුවෙන් ආශ්‍ර කිරීමට ලැබීම සහ අපි එකිනෙකාගේ සිරිත් විරිත් බෙදා හදා ගැනීමට ලැබීම ඉතාම හොඳ දෙයක්,” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
සමගිය ඇතිවීම සඳහා මූලික අවශ්‍යතාවය වන්නේ අනෙකාට ඇහුන්කම් දීමට අවශ්‍ය ශික්ෂණයෙන් හෙබි විනය අකල්පගත කිරීමය. එවැනි ආකල්ප වඩාත් ශක්තිමත්ව වර්ධනය වූ පසු, එය සංස්කෘතියේ කොටසක් බවට පත් වේ. හිස් වචන සහ පුරසාරම් දෙඩීමෙන් හෝ අනෙකා තලා පෙලා දැමීමට එරෙහිව හෝ තමන්ගේ පැවැත්ම උදෙසා සිදුකරන කේලාම් දෙඩීමෙන් ඔබ්බට ගොස් හරවත් සංවාදයකට ඉඩ හැදෙන්නේ එවැනි මනසක් තුළය. රටක වෙසෙන පුරවැසියන්ගේ සමගිය සහතික කළ හැක්කේ එවැනි වැඩපිළිවෙලකිනි
බොහෝ දෙනෙක් කතාවට රුචි වෙති. තම පෞද්ගලික පුරසරාම් ගැන දෙඩීමට ආසා කරති. නමුත්, අනෙකාගේ කතාවට ඇහුන්කම් දීමට මැළිවෙති. විනයානුකූල අධ්‍යාපනයකින් වෙනස් කරනු ලබන්නේ මෙම මූලික කාරණයයි. අනෙකාට අවංකව ඇහුන්කම් දීමට හුරු වීම, සහෝදර පාසල් වලින් ඉතාම ප්‍රවේශමෙන් කරනු ලබන ජීවන අත්දැකීම යැයි සිතේ. ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලු වලට මූලික හේතුවක් වී ඇත්තේ අසල්වැසියාට ඇහුම්කන් දීමට දක්වන අසමත්කමය.
මෙහිදී සටහන් කළයුතු යැයි සිතෙන එක් සිදු වීමක් තිබේ. අවසන් දිනයේදී, ක්රොස් ද ලයින් නමැති ක්‍රියාකාරකමට සියලුම සිසුන් සහභාගී වෙති. අසනු ලබන ප්‍රශ්න වලට එකඟ වන්නේ නම් පියවර කිහිපයක් ඉදිරියට පැමිණිය යුතුවේ. එහිදී සම්පත් දායිකාවක විසින් අසනු ලැබූ ප්‍රශ්න අතරින් එක් සුවිශේෂී එකක් වූයේ, “ ඔබට ඔබේ අනාගතය සුරක්ෂිතත යැයි හෝ අනාරක්ෂිත යැයි ෙහා් හැඟෙන්නේද?” යන්නය. කඳවුරට සහභාගී වූ බොහෝ දෙනෙකු, ඉදිරියට පැමිණි ආකාරය දැකීම ඉතාම කණගාටුදායක අත්දැකීමක් විය.
රාජ්‍යය පරිපාලනය හමුවේ ඇති මූලික වගකීම වන්නේ මෙයයි. රට භාර ගැනීමට සිටින මෙම පරම්පරාවට තම අනාගතය සුරක්ෂිත යැයි හැඟෙන පරිසරයක් නිර්මාණය කිරීම රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින්ම නිර්මාණය කළ යුතු වැඩපිළිවෙලකි.
එසේම, සහෝදර පාසල් ඔස්සේ කෙතරම් ගැඹුරින් හදවත් වෙනස් කරන්නේද යන්න අත්දැකීමට හැකි වූ එක් සිදු වීමක් පමණක් මෙහිදී සටහන් කිරීම වැදගත් යැයි සිතේ. ගුරුදෙනිය අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ පැවති සහෝදර පාසල් වැඩසටහනේදී, ඊට සහභාගී වූ ළමුන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සංචාරයක නිරත වූහ. මන්ද, වැඩසටහන පවත්වනු ලබන ප්‍රදේශයේ ඇති සුවිශේෂී සථානයක සංචාරය කිරීම සහෝදර පාසල් වැඩසටහනේ එක් මූලික අංගයකි.
බොහෝ දෙනෙකුට එය තම ජීවිතයේ ලැබුණු පළමු අත්දැකීම විය. ප්‍රමාණවත් කාලයක් අදාළ උද්‍යානයේ ගත කිරීමෙන් පසු සිසු-සිසුවියන් ආපසු තම නවාතැන් ගන්නා ස්ථානයට පැමිණෙමින් සිටියෝය. එම මොහොතේ අනපේක්ෂිත ලෙස ඇදහැළුණු වර්ෂාවෙන් බේරීම සඳහා බොහෝ දෙනෙකු දුෂ්කරතාවයකට මුහුණ දුන්හ. ඒ සියල්ල අතර තුර දැක ගත හැකි වූයේ, මුස්ලිම් වාර්ගික දැරියක් විසින් තම කණ්ඩායමේ සිටි සිංහල සහ දෙමළ වාර්ගික දැරිවියන් දෙදෙනකුගේ හිසට තම පර්දාව යොදා තිදෙනාම වර්ෂාවෙන් ආරක්ෂා වීමට දැරූ උත්සහයයි. එම සිදුවීම ඔස්සේ රටට මෙන්ම ලෝකයට ලබා දෙන වඩාත් ගැඹුරු ආදර්ශය ගැන වචනයෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. රටේ දියුණුවට මෙන්ම සමගියට අවශ්‍ය වන්නේ මෙයයි.
ඇල්බර්ට් අයින්ස්ටයින් සඳහන් කළ පරිදි, යමෙකු පාසලේදී ඉගෙන ගත් දේ අමතක වූ පසු ඉතුරු වන දෙය අධ්‍යාපනයයි. සහෝදර පාසල් ඔස්සේ ශක්තිමත් කරනු ලබන්නේ පුද්ගල ජීවන රටාවට අවශ්‍ය මූලික පසුතලය මෙන්ම එම පුද්ගලයාට සමාජය හමුවේ ඇති පුළුල් වගකීම ගැන ස්වාභාවිකව තේරුම් ගැනීමට ඒ අනුව කටයුතු කිරීමට හැකි අවශ්‍ය පරිසරයයි. ළමයින්ට නිදහසේ සිතීමට ඉඩ දෙන්න, ඔවුහු රට වෙනුවෙන් වූ වගකීම මනාව ඉටු කරනු ඇත. අවශ්‍ය වන්නේ තල පෙලා දැමීම හෝ අනාගතය යහපත් කිරීමට යැයි කියමින් තම අභිමතය පරිදි ළමුන් තැනීම නොව, ඔවුහුට අසීමිත ලෙස ආදරය කිරීමය.
නිලන්ත ඉලංගමුව