
තෙල් මත යැපෙන ආර්ථිකය විවිධාංගීකරණය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති මාලාවක් සෞදි රජය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. විනෝදාස්වාද නගරයක් ලෙස ඉදිවෙන මෙහි පළමු අදියර ලෙස නිරිතදිග Qiddiya නගරයේ ඉදිවන ඩිස්නිලන්තය එහි පළමුවැන්නයි. ප්‍රබල ප්‍රතිසංස්කරණ හා ආයෝජන වැඩසටහනක් වන ‘විෂන් 2030’ ව්‍යාපෘතිය ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුගේ සංකල්පයක් මත ආරම්භ කර තිබේ.
ඉහළ මට්ටමේ තේමා උද්‍යාන, මෝටර් රථ ක්‍රීඩා පහසුකම් හා සෆාරි උද්‍යාන ප්‍රදේශයක් ඇතුළත් එහි පළමු අදියර 2020 දී නිම කිරීමට අපේක්ෂා කෙරේ. 2030 වන විට සංචාරකයින් මිලියන 17ක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන සෞදි රජය මේ වන විට ඩුබායි හා බහරේන් වැනි අසල්වැසි රටවල සංචාරක කේන්ද්‍රස්ථානයන්හි විනෝදාත්මක උද්‍යාන නැරඹීමට වාර්ෂිකව වැය කරන ඩොලර් බිලියන ගණනක් වූ මුදල් කන්දරාව සෞදි රජය තුළම රඳවා තබා ගැනීමේ අපේක්ෂාවෙන් මේ ව්‍යාපෘතිය සකස් කර තිබේ. ආර්ථිකයේ වර්ධනය අපේක්ෂාවෙන් සංස්කෘතිමය හා සමාජීය බාධා ඉවත් කිරීමට හා ලිහිල් කිරීමට දිනෙන් දින උත්සාහ කරන සෞදි රජය දශක ගණනක් වූ දීර්ඝ තහනම් කිරීමකට ලක්වූ චිත්‍රපට කේෂ්ත්‍රය ද මේ වන විට ආරම්භ කර ඇති අතර පොදු විනෝදාස්වාද අධිකාරිය ප්‍රකාශ කරන පරිදි 2018 වසරේ උත්සව හා ප්‍රසංග වැඩසටහන් 5000කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමටත් එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 64ක මුදලක් රට තුළට ගලා එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කරයි.
හසිත මලවිගේ