මැයි දින රැලි | සිළුමිණ

මැයි දින රැලි

මෙවර අන්තර්ජාතික කම්කරු දිනය සැමරීමේ උත්සව 6 – 7 දිනවලදී ‍රටපුරා විවිධ ස්ථානවලදී පැවැත්වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය 6 වැනිදා සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද, ශ්‍රීලනිප මැයි රැලිය 7 වැනිදා සවස මඩකලපුව නගරයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත‍.

මේ අතර පොදුජන පෙරමුණ මැයි රැලිය ගාල්ල සමනල ක්‍ර‍ීඩාංගණයේදී පැවැත්වෙන අතර, රජයේ ලිපිකරු සංගමය හා වෙනත් වෘත්තීය සමිති ගණනාවක් මෙහෙයවන මැයි රැලි කිහිපයක් 7 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ය. 

Comments