අඩු අාදායම්ලාභීන්ට නව නිවාස 9,100ක් | සිළුමිණ

අඩු අාදායම්ලාභීන්ට නව නිවාස 9,100ක්

කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස 9,100ක් ඉදිරි වසර දෙක තුළ ජනතා අයිතියට පවරා දීම සඳහා ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා රුපියල් මිලියන 42,330ක මුදලක් වැය වන අතර නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන මත මේ වන විටත්. එම නව නිවාස සංකීර්ණ හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටක්කුලිය, අලුත් මාවත, මාලිගාවත්ත, කොලොන්නාව, කොළඹගේ මාවත, කාලිංග මාවත, ටොරින්ටන් මාවත, සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් පවතී..

මේ මහල් නිවාසයන්හි පදිංචි කෙරෙන පවුල්වල දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ සමාජීය ජීවන අවබෝධය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ”නැණ දිරිය” අධ්‍යාපන වැඩසටහන ආරම්භ කර ඇති අතර දරුවන්ගේ සහ යෞවනයින්ගේ කලා දක්ෂතා හඳුනා ගැනීම, වර්ධනය කිරීම සහ කුසලතා එළි දැක්වීමට අවස්ථා උදාකරදීම මෙන්ම මනා රසවින්දනයකට ළමා හා වැඩිහිටියන් නැඹුරු කරවීමේ අරමුණින් ”රිද්ම සැරිය” නමින් ප‍්‍රසංග කලා සෞන්දර්ය වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරමින් පවතී. 

 

Comments