සාරානාත් සර්වඥ ධාතු ප්‍රදර්ශනය අරලිය ගහ මන්දිරයේදී | සිළුමිණ

සාරානාත් සර්වඥ ධාතු ප්‍රදර්ශනය අරලිය ගහ මන්දිරයේදී

වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධයන්ට දැක පහන් සිත් ඇති කරගැනීම පිණිස සාරානාත්හි සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රථම වරට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවා ඇත. කොළඹ අරලියගහ මන්දිරයේදී මැයි 03 වනදා දක්වා සැදැහැවතුන්ට මේ ධාතූන් වන්දනාමාන කිරීමට හැකිය.

බුදු රජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදු කළ බැවින් සාරානාතය අපට ඓතිහාසික වශයෙන් වැදගත් භූමියක් වන අතර, ඓහයින්ම සාරානාත් ධාතූන් වහන්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආධ්‍යාත්මික බැඳීමක් ඇති කරවන දෙරටෙහි පොදු බෞද්ධ උරුමයේ තවත් සුවිශේෂ සංකේතයකි. ඉන්දියාවේ මහාබෝධි සමාගම විසින් මේ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමට අවස්ථාව සලසා දී තිබේ.

Comments