
ඇඟලුම් නිෂ්පාදන ඇතුළු මෙරට අපනයන වෙළෙඳාම මේ වසරේ මැද භාගයේදී සිට ශීග්‍ර ප්‍රගතියක් අත් කර ගනු ඇතැයි ආර්ථික ක්ෂේත්‍රයේ අනාවැකි පළ වෙයි. අමෙරිකා එක්සත් ජනපදය මෙරට ලොකුම අපනයන ගැනුම්කරුවා වන අතර ජී.එස්.පී බදු සහනය නැවත ලබාදීම නිසා එම අපනයන වෙළෙඳාම සියයට 3 සිට 10 දක්වා ඉතා පහසුවෙන් වර්ධනය වනු ඇතැයි පැවසෙයි. ප්‍රතිශතයක් ලෙස සුළු අගයකින් හෝ අපනයන අදායම ඉහළ නැගීම රටක සමස්ත ආර්ථිකය කෙරෙහි විශාල සාධනීය ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ද අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. 'ඇමරිකානු රජයේ මෙම මුලපිරීම, ලෝකයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා සමඟ පවතින සබඳතාව ශක්තිමත් කිරීම සහ ඒ මඟින් අපේ අපනයනකරුවන්ට පමණක් නොව ඇමරිකානු අපනයනකරුවන් සහ ඇමරිකානු පාරිභෝගිකයන් සමඟ ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා පිටුවහලක් වෙනවා.
ඇමරිකාව ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවා වන අතර, එම අපනයන ප්‍රමාණය පසුගිය වසරේදී පෙරමුණ ගත්තා. අප පසුගිය වසරේදී ඇමරිකාවට සිදු කළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට 3 (2.9- 3.0 Billion US Dollar) දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2016 වසරට සාපේක්ෂව බලන කළ සියයට 3.65% ක වර්ධනයක් වෙනවා.
ඒ වගේම පසුගිය වසරේදී අපගේ නිෂ්පාදන මිල දී ගත් දෙවන විශාලතම ගැනුම්කරුවා වූයේ එක්සත් රාජධානිය යි. අප එක්සත් රාජධානයිට කරන ලද මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.03 (1.03 Billion US Dollar) ක් වන අතර, අපේ තෙවන ගැණුම්කරුවා වන ඉන්දියාව ඩොලර් මිලියන 689 ( 689 Million US Dollar) ක අපනයන නිෂ්පාදන මිළ දී ගෙන තිබෙනවා. අපේ ප්‍රධානතම අපනයන වර්ගය වන ඇඟළුම්වලින් අපි වාර්ෂිකව සියයට 70 - 75% ක් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකාවටයි.