
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 600 ක් සියයට 40 දක්වා වට්ටම් සහිතව ජනතාවට ලබාදීමට කටයුතු කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 55 කට සියයට 25 ක වට්ටම් ද, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 150 කට සියයට 40 ක වට්ටම් ද, තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 65 කට සියයට 30 වට්ටම් ද, තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 55 කට සියයට 20 ක වට්ටම් ද පාරිභෝගිකයන්ට ලබාදීමට සතොස කටයුතු සලසා ඇත. ඊට අමතරව රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා සබන් වර්ග 30 ක් සඳහා සුවිශේෂ තෑගි ලබාදීමේ ක්‍රමයක් ද සතොස ආයතනය ආරම්භ කර ඇත. මෙම සියලු වට්ටම් හා තෑගි අප්‍රේල් මස 30 දක්වා ලබාගත හැකි බව ද සතොස ආයතනය පවසයි.