
ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට තමා සමඟ එකතු වන්නැයි විවෘතව ඇරියුම් කරන්නේ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසයි. පවතින සංයුතිය අනුව කිසිදු දේශපාලන පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බැව් පෙන්වා දෙන ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ රජය ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගෙන යෑම සඳහා තමා සතුව ඇති වගකීම කිසි ලෙසකින් හෝ දෙවැනි කොට සැලකිය නොහැකි බවයි.
පාර්ලිමේන්තුව තුළ කුමන ආකාරයේ විශ්වාසභංග යෝජනා මතභේද හෝ අර්බුද මතු වූවත් රජය ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා එවැනි කිසිදු භේදයක් නැතිව ඕනෑම මන්ත්‍රීවරයකුගේ සහයෝගය ලබා ගැනීමට තමා නොපැකිළෙන බවත් එතුමා අවධාරණය කළේය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ගිය සිකුරාදා මාධ්‍ය ආයතන ප්‍රධනීන් සමඟ පැවති හමුවේදීය.
එසේම ඉදිරියේදී විෂය පථයන්ගේ වෙනසක් සමඟ පූර්ණ ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව සහ ඒ වෙනුවෙන් දෙපාර්ශ්වයේම නියෝජිතයන් ඇතුළත් කමිටුවක් පිහිටුවන බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
මැතිවරණ ක්‍රමයේ බලවත් විකෘති තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් එතුමා වැඩිදුරටත් සඳහන් කළේ එකී දෝෂ නිවැරදි කොට සැබෑ ජනමතය නියෝජනය වීමට අවශ්‍ය පිළියම් යොදන බවයි. ඒ අනුව පළාත් පාලන නියෝජිත පනත සංශෝධනය විය යුතු බවත් එතුමා පෙන්වා දුන්නේය.