
ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විඳින ඉඩම් කොටසේ නීත්‍යනුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීමේ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 30 දා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.
තමන්කඩුව, ලංකාපුර, පොලොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්රදානය සිදු කෙරිණ. ඊට සමගාමීව ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාරස්ථාන 03කට පූජා භූමි ඔප්පු ප්රදානය කිරීමත්, ආගමික සංහිඳියාව පුළුල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සඳහා ඉඩම් ලබාදීම ද එකී වැඩසටහනට අයත් විය. මෙම ජාතික වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය.