
අද (01) සිට දුම්රිය ගාස්තු වැඩි කිරීමට නියමිතව තිබුණත්, එම ගාස්තු චක්‍රයේ ඇති අඩුපාඩු සියල්ල සකස් කරගන්නා තුරු දුම්රිය ගාස්තු වැඩි නොකරනු ලබන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා සිළුමිණට ප්‍රකාශ කළේය.
ගාස්තු වැඩි කිරීමේදී ආසන්න රුපියල් 5ට හා ආසන්න රුපියල් 10ට වැටයීමක් සිදු කළ යුතු නිසා මේ වන විට එම ගාස්තු අවස්ථා සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර, ඒ වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අමාත්‍යාංශයට යොමු කර ඇතැයිද, අනුමැතිය ලැබුණු පසු ගාස්තු වැඩි කිරීම සිදු කරනු ලබන බවද ඒ මහතා කීය.
ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත්, 2008 වසරෙන් පසු වසර 10කින් දුම්රිය ගාස්තු වැඩි නොකළ බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.