
ඕනෑම පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා මුදල් අවශ්‍ය වේ. ඒ ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, ඇඳුම් පැලඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛය අවශ්‍යතා ඉටුකර ගැනීමටයි. මේ සඳහා කිසියම් සාධාරණ ආර්ථික කටයුත්තක, රැකියාවක නිරත විය යුතය. එයින් ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් කිසියම් මුදලක් ඉතිරි කිරීමට ද හැකවේ. නමුත් ආදායම් මට්ටම ඉතා විශාල ප්‍රමාණයක් ලබා ගත්තද කළමනාකරණය දුර්වල නම් ඇතැම් අවස්ථාවලදී නිවසට අවශ්‍ය ආහාරපාන මිලදී ගැනීමටවත් ඔබට මුදල් නොමැතිවීමට පිළිවන. එය ඔබගේ ආදායම්වල දුර්වලතාවයක් නොව වියදම් පාලනයේ ඇති දුර්වලතාවයකි. මෙවැනි තත්වයකදී ඔබට සිදුකිරීමට වන්නේ කිසිවකුගෙන් ණයට ඉල්ලා ගැනීමටයි. එමඟින් අදහස් වන්නේ ඔබ කෙතරම් ආදායමක් ඉපැයූවත් කළමනාකරණය දුර්වල නම් තවත් කෙනකු මත යැපීමට සිදුවේ.
ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තියද එසේය. රජයේ කළමනාකරණය දුර්වල වූ සැණින් රජයේ පාඩු, වියදම්, වංචා පියවා ගැනීමට හොඳම හා පහසුම ආදායම් මාර්ගය ලෙස තෝරා ගන්නේ බදුය. අප අසා ඇති කරුණුවලට අනුව ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමටත් මහාභාණ්ඩාගාරයේ මුදල් නොමැති වූ විට රජය විසින් සිදු කරනුයේ පෙරදින රාත්‍රියේ සිට සීනි මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමයි.
රජය විසින් බදු අයකළ යුතුය. එහි කිසිදු තර්කයක් නැත. රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට බදු අය කළ යුතුය. නමුත් එය වඩාත් කාර්යක්ෂමව පාලනය කළ යුතුය. පහළ පංතියේ සිට ඉහළ පංතිය දක්වාම බදු අය කරනගන්නා ක්‍රමවේදය 100% සර්ව සාධාරණ විය යුතුය. එය ප්‍රායෝගික විය යුතුය. ජනතාවගේ ආදායමෙන් බදු අය කර කෝටිගණන්වල සැප වාහන මැති ඇමතිවරුන්ට ගෙන්වා ගන්නේ නම් එය අසාධාරණය.
රජය විසින් අය කරන බදු වර්ග දෙකකි.
(1) ඍජු බදු - ජනතාවගේ ආදායම මත අයකරන බදු.
(2) වක්‍ර බදු - භාණ්ඩ හා සේවා මත අය කරන බදු.
ජනතාව විසින් උපයනු ලබන ආදායම මත බදු අයකිරීම මඟින් සිදුවන්නේ ඔවුන්ගේ ආදායමෙන් කොටසක් රජයට ගෙවිය යුතු බවයි. වක්‍රබදු අය කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩයේ හෝ සේවාවල මිල මත බද්දක් පැනවීමයි. එවිට සිදුවන්නේ නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් භාණ්ඩයේ මිලට එය එකතුකර පාරිභෝගයින්ගෙන් අය කර ගැනීමයි.
විදේශ රටවල මෙම වක්‍රබදු ප්‍රතිශතය 20% ක් වන අතර ඍජු බදු ප්‍රතිශතය 80% කි. ශ්‍රී ලංකාවේ මෙය 60% වක්‍රබදු වන අතර 40% ඍජු බදු ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරයි. නමුත් දැනට ලංකාවේ පවතින තත්වය වන්නේ වක්‍ර බදු 80% ක් සහ ඍජු බදු 20% ක් වීමයි.
කෙසේ නමුත් පැරණි බදු ක්‍රමය සහ නව බදු ක්‍රමය ගැන කතා කිරීමේදී එය සංසන්දනාත්මකව විග්‍රහ කිරීම වඩාත් යෝග්‍ය වේ. පැවති බදු ක්‍රමය අනුව බද්දෙන් නිදහස් වන ආදායම රුපියල් ලක්ෂ 5 කි. නිදහස් වන බදු ආදායම හැර ක්‍රමිකව ඉහළ යන පරිදි බදු අනුපාතිකය පැවතියේ 4%, 8%, 12%, 16% වශයෙනි. මෙහිදී ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන්ගේ වාර්ෂික ආදායම මිලියන 25.5% ක් වුවද අය කළ වැඩිම බදු අනුපාතය වූයේ 16% ක් පමණයි.
නමුත් නව බදු අනුපාත ක්‍රමය යටතේ ව්‍යාපාරිකයින් හා වෘත්තීය වේදීන්ගේ ආදායම මිලියන 3 කට වඩා වැඩි වූ විට 24% ක බදු ප්‍රතිශතයක් ගෙවීමට සිදුවේ. පැවති ක්‍රමයේදී වැටුප් ලබන සේවකයකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හත හමාරකට (750,000/= ක් වඩා අඩු වුවහොත් බදු අය කිරීමක් සිදු වූයේ නැත. නමුත් නව බදු ක්‍රමයේ එය ලක්ෂ 12 ක් දක්වා (1200,000/=) බද්දෙන් නිදහස් වන ආදායම ඉහළ දමා ඇත. එමඟින් අදහස් වන්නේ මාසික ආදායම ලක්ෂයක් (100,000/=) දක්වා බදු අය නොකරන බවයි. කෙසේ වෙතත් අඩු ආදායම් ලබන්නන්ට අඩු බදු ප්‍රමාණයක් ද වැඩි ආදායම් ලබන අයට වැඩි බදු ප්‍රමාණයක් ද ගෙවීමට සිදුවීම තුළ සාධාරණත්වයක් පෙනේ.
අනෙක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන මාතෘකාව වන්නේ තැම්පතු සඳහා බදු අය කිරීම පිළිබඳවයි. මෙය රඳවා ගැනීමේ බද්ද ලෙස හඳුන්වයි. මෙහිදී ය ම් අයකුගේ බැංකු තැම්පතු සඳහා ලැබෙන පොලී ආදායම මත පෙර බදු ක්‍රමය යටතේ 2.5% ක් බද්දක් අයකර ඇත. මෙම නව බදු ක්‍රමය යටතේ එය දක්වා වැඩි කර ඇත. මෙහිලා සඳහන් කළ යුතු විශේෂම කරුණ වන්නේ සාමාන්‍ය පුද්ගලයකුගෙන් ආදායම් බදු අය කිරීමේදී පෙර ක්‍රමය තුළ පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් වුවද නව ක්‍රමය තුළ පොලී ආදායම් ලබන්නාගේ එම ලක්ෂ 5 පොලී ආදායම් සීමාව නිදහස් නොකර ලක්ෂ 5 ට වඩා අඩු පොලී ආදායමක් තිබුණද 5% ක පෙර ප්‍රතිශතය මෙන් දෙගුණයක් ද අය කිරීමට තීරණය කිරීම මහත් අසාධාරණ තත්ත්වයක් සේ පෙනේ.
අනෙක් කරුණ වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැම්පතු සඳහා 5% ක බද්දක් අය කිරීමය. මෙහිදී ක්‍රියාත්මක වන කොන්දේසිය වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ තැම්පතුව ලක්ෂ 15 ඉක්ම වුවහොත් ඉන්පසු තැම්පත් කරන මුදලින් ලැබෙන පොලී ආදායම මත 5% ක පොලියක් ය කරය. මේ අනුව කිසියම් ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ තැම්පතු මුදල ලක්ෂ 15 හෝ ඊට අඩු නම් එම පුද්ගලයා බදු ගෙවීමට යටත් නොවේ. කෙසේ වෙතත් මේ ගැන තවදුරටත් රජය අවධානය යොමු කරනු ලබන්නේ නම් වඩාත් සාධාරණ ක්‍රමවේදයකට අනුගත විය හැකිය. මෙය දැනට ලංකාවේ පවතින උද්ධමන අනුපාතිකයට සාපේක්ෂව අතැම් විට ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ ගොස් ඇති බැවින් පොලී ආදායම මත පමණක් ජීවත් වන පුරවැසියන්ට මෙය අසාධාරණ තත්වයක් බව වැටහී යනු ඇත.
නව බදු පනත අනුව ආදායම් බදු කොමසාරිස්තුමාට කිසියම් ගැටලුකාරී අවස්ථාවක බදුගෙවනු ලබන පුද්ගලයාට පමණක් නීතිඥවරයා හෝ ඔහුගේ නියෝජිතයා නොමැතිව පෙනී සිටින ලෙස නියෝග කිරීමට බලය ලබාදී ඇත. මෙය ඒ තරම් සාධාරණ හෝ සුබදායී තත්වයක් නොවන බව පෙනේ.
අවසාන වශයෙන් කිව යුතු වන්නේ රජයක් පවත්වාගෙන යාමට බදු අවශ්‍යය. එම රජය විසින් අය කරන බුද ආදායම නැවත එම රටේ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා යොදා ගත යුතුය. රටේ යටිතල පහසුකම් සංවර්ධනය විය යුතුය. උද්ධමනය (භාණ්ඩ හා සේවාවල මිල මට්ටම) සාපේක්ෂව අඩු විය යුතුය. එමඟින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යා යුතුය. සේවා නියුක්තිය ඉහළ යා යුතුය. නමුත් එය එසේ නොවන්නේ නම් ජනතාව මතම යැපෙන ආණ්ඩුවක් බවට පත්වන්නේ නම් එය සාධාරණ හා සාදාචාරාත්මක නොවේ. ඊට අමතරව රජය විසින් පවත්වාගෙන යනු ලබන දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල අකාර්යක්ෂමතාව, සම්පත් නාස්තිය අවම කර එතුළින් රජයට බදු නොවන ආදායම් ඉහළ නංවා ගැනීමට ද වගබලා ගත යුතුය. නමුත් එම අකාර්යක්ෂමතාවයන් එසේම තිබියදී ජනතාව මතම බදු බර පටවා ජනතාවට සහන ලබාදීමක් සිදු නොකරන්නේ නම් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙම බදු ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත. බදු ක්‍රමය ප්‍රායෝගික වීමට නම් ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට අත්විඳීමට ඉඩ සැලසිය යුතුය. එම කාරණාවන් ඒ ආකාරයෙන්ම ඉටු වන්නේ නම් සහ බදු අය කිරීම සඳහා කාර්යක්ෂම සේවක මණ්ඩලයක් ද සිටී නම් මෙම බදු ක්‍රමය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම කිසිදු ලෙසකින් සිදු නොවනු ඇත. මෙම දුර්වලතා මඟ නොහරවා, රජයේ අකාර්යක්ෂමතාවය එසේම පවතින්නේ නම් බදු පනත ඉදිරිපත් කළ සැණින් ජනතාව වෙතින් එය ප්‍රතික්ෂේප වනු නිසැකය.
ප්‍රවීණ ආර්ථික විද්‍යා ආචාර්ය සුගත් ලියනගේ