ගොවීන්ට වාර්තාගත පොහොර සහනාධාරයක් | සිළුමිණ

ගොවීන්ට වාර්තාගත පොහොර සහනාධාරයක්

 ලක්ෂ 60කට සෙත

 කිලෝ 50ක් රුපියල් 500 යි

ලක්ෂ 60ක් පමණ වූ මෙරට වී, එළවළු, අල, මිරිස්, බුලත්, තේ, පොල්, රබර් හා අපනයන භෝග වවන සියලු ගොවි ජනතාවට සෙත සලසන අලුත් ම පොහොර සහනාධාර වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ අනුව වී වවන සියලු ගොවි ජනතාවට අවශ්‍ය කිලෝ 50 ක පොහොර බෑගයක් රුපියල් 50 කට ද තේ පොල් රබර් ඇතුළු අන් සියලු වගාවන් කරන සියලු ගොවීන්ට කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක රුපියල් 1500 කට ලබාදෙන බව ද ඇමැතිවරයා පැවසීය. දැනට වටිනා ලෝක වෙළෙඳ පළේ වී වගාව සඳහා වූ කිලෝ ග්‍රෑම් 50 ක් වූ පොහොර මිටියක් 3200 ක් වන බවත් තේ පොල් රබර් සඳහා වූ කිලෝ 50 ක පෝර මිටියක් රුපියල් 3500 ක් වන බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

මෙම පොහොර සහනාධාර වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක කරන ලෙසත් මෙවර යල කන්නයට අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවට සහනාධාර පොහොර ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවත් පොහොර ලේකම් කාර්යාලීය අධ්‍යක්ෂවරයා පවසයි. 

Comments