
2018 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5%කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 2016 වසරේ ආර්ථිකය වර්ධනය වූයේ 4.5%කින් වූ අතර, 2017දී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ 3.1%කිනි.
එය අඩු වර්ධනයක් දක්වන අතර, මේ වසරේ ඊට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව අධිපතිවරයා පැවැසීය. 2018 දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් පසුගියදා මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
2017 ආර්ථික වර්ධනය අඩු වීමට අහිතකර කාලගුණ තත්ත්වය හේතු වූ නමුත් අපනයන සහ ඍජු විදෙස් ආයෝජන අතින් වාර්තාගත ආදායමක් ලබාගත් වසරක් වූ බවද ඔහු පැවැසීය. .
"මෙරට දේශපාලනය ගතික ස්වභාවයක් පෙන්නුම් කරනවා. දේශපාලනය එක තැන පල් වන්නක් නොව, අඛණ්ඩව ඉදිරියට ගලා යන්නක් විය යුතුයි. රටක සංවර්ධනය කඩිනම් වීමට නම් රජයේ මූල්‍ය සේවා සැපැයුම, සංවර්ධන ක්‍රියාදාම, ප්‍රතිපත්ති හා සැලසුම් ඵලදායි ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන භේද හා කුළල්කෑම් නිසා එම සංවර්ධන ක්‍රියාවලිය අතරමඟ නතර වෙනවා. එකම වරද යළි යළිත් නොකර දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගැනීම තරම් පාලකයන් බුද්ධිමත් විය යුතුයැයිද අධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.