ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන ප්‍රදාන උලෙළින්... | සිළුමිණ

ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන ප්‍රදාන උලෙළින්...

 ලේක්හවුස් ආයතනයේ වසර 35 ක් රාජකාරි කළ හා ලේක්හවුස් ආයතනයේ වසර 25 ක් රාජකාරි කළ සේවකයන්ට පාලනාධිකාරියේ හා ආයතනයේ උපහාරය පිරිනැමීමේ ලේක්හවුස් දීර්ඝ සේවා සම්මාන උලෙළ පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කු‍රේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කමල් විජේසූරිය මහතාට ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා අතින් 35 වසරක දීර්ඝ සේවා සම්මානය පිරිනැමූ අවස්ථාව (වමේ) හා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ නිහාල් පී. අබේසිංහ මහතා සිය 35 වසරක දීර්ඝ සේවා සම්මානය ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා අතින් ලබාගත් අවස්ථාව (දකුණේ) ඡායාරූපයේ දැක්වේ.

මෙම ‍උත්සවයේදී වසර 35 සම්පූර්ණ කළ හා 25 වසර සම්පූර්ණ කළ ලේක්හවුස් සේවක සේවිකාවෝ 35 දෙනෙක් පමණ දීර්ඝ සේවා සම්මාන උපහාර ලැබූහ.

සේයාරුව - චින්තක කුමාරසිංහ 

Comments