
මෙරටින් පැනගොස් විදේශවල සැඟව සිටිමින් අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසිය අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඉදිරියේදී එලෙස අපරාධවලට සම්බන්ධව විදේශයන්හි සැඟව සිටින්නන්ද ඉකුත්දා ඩුබායිහිදී පොලිස් දැලට කොටුවූ උදයංග වීරතුංග නමැති සැකකරුවා හා සමානවම අන්තර්ජාතික පොලීසිය මඟින් කොටුකර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදු කරන බව කී පොලිස් අධිකාරිවරයා එලෙස සැඟවී සිටින අපරාධකරුවන් සිටින ස්ථාන, ගම්, ගම්, ඇතුළු සියලු විස්තර දැනටමත් සොයාගෙන ඇතැයි ද කීවේය.
ඒ අනුව මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා, කෙසෙල්වත්ත දිනුක, කොස්ගොඩ සුජී, කිඹුලාඇළ ගුණා, එස්ටීඑෆ් නදුන්, කුඩු ලාල් වැනි පසුගිය සමයේ මෙරට සිදුවූ අපරාධ රැසක්ම විදේශයන්හි සිට මෙහෙයවූ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට කඩිනම්ව පියවර ගැනීමට පොලීසිය සූදානම් වේ.
එසේම විදේශයන්හි සිටින අපරාධකරුවන්ගේ නියෝග ක්‍රියාත්මක කරමින් රටපුරා මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, කුලියට මිනීමැරුම් කරන අපරාධකරුවන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සමඟ සියලුම විශේෂ අපරාධ කොට්ඨාස ඒකකයන්ද ඇතුළුව රටපුරා පොලිස් ස්ථානවලින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කොට ඇත.