
වසර 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
“බදු ගෙවිය හැකි ඇති-හැකි අයට වැඩි බරක් දෙමින්, නැති-බැරි දුප්පත් ජනතාවට දරන්නට වී ඇති බදු පීඩනය යම් දුරකට අවම කිරීමට නව පනත ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා කියා සිටියේය.
වසර ගණනාවක් රටේ රාජ්‍ය ආදායම අඩු වෙමින් පැවැති බවත්, මේ නිසා අධික පොලියට දෙස් විදෙස් ආයතනවලින් ණය ගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වූ බවත් පැහැදිලි කළ ඇමැතිවරයා රටේ බදු ආදායම් ගෙවිය හැකි සියලු දෙනා යුතුකමක් ලෙස බදු ගෙවීමට පෙලඹවීම නව පනතින් සිදු වන බවද කීය.
දැනට 80% හා 20% මට්ටමේ පවතින වක්‍රබදු හා ඍජු බදු ආදායම් පරතරය නව දේශීය ආදායම් පනත මඟින් 60%-40% මට්ටමට පත් කරගැනීමට ඉලක්ක කොට තිබේ. වසර 2020දී මේ ඉලක්කය ජය ගන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් මහා භාණ්ඩාගාරය සමඟ සම්බන්ධ වී විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටියි.