
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් උතුරේ පෙරපාසල් දරුවන් 60000කට පෙර පාසල් 585ක් මඟින් පෙර පාසල් අධ්‍යාපනය ලබා දී ඇතැයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලතිව් කිලිනොච්චි යාපනය අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි.
ඒ ළදරු පාසල්වල පෙරපාසල් ගුරුවරුන් 1155ක් සේවය කරන බවත්, ඔවුන් වැඩි පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ පුනරුත්ථාපනය වී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුණු ගුරුවරියන් බවත් කර්නල්වරයා පවසයි.
මීට අමතරව පසුගිය වසර 8 ඇතුළත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් ගේ පාසල් දරුවන් ලක්ෂ 2.5කට රුපියල් දස ලක්ෂ 77ක් වටිනා අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමට ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සේවා වනිතා ඒකකයේ වර්තමාන සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මහත්මියයි. මෙම ඒකකය මඟින් සුබසාධන කටයුතු රැසක් ක්‍රියාත්මක කර ඇත. සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන්, සිවිල් ආරක්ෂක භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවාස නොමැති අසරණ රණවිරු පවුල් සඳහා නිවාස 1075 ක් ප්‍රදානය කර දී ඇත.
පහ වසර ශිෂ්‍යත්වය සමත් සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ දරුවන් සඳහා රු. 15,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ලබාදීම සිදු කරන අතර සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් දරුවන් සඳහා රු. 40,000.00 වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ලබාදීම ද සිදුකෙරේ. සරසවි වරම් ලැබූවන් සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදීම ද දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මාසික ශිෂ්‍යාධාර ලබාදීම ද මේ සමඟම සිදු කෙරේ.