
ඩිජිටල් වෙළෙඳපොළ පාරිභෝගිකයා වෙනුවෙන් සාධාරණීයකරණය කිරීමට රජය සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.
ඔහු පෙන්වා දෙන පරිදි පසුගිය වසරේ ලෝකයේ විද්යුත් වාණිජ්‍ය ගනුදෙනු වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.29ක් වූ අතර Face Book වෙළෙඳ ගනුදෙනු සියයට 38කින් ද Online ඔස්සේ සිදු කරන ගණුදෙනු සියයට 5% කින් ද වැඩි වී තිබෙන අතර විද්යුත් වාණිජ්‍යය භාවිත කරන රටවල් 144න් ශ්‍රි ලංකාව 73 වන ස්ථානයේ පසු වෙයි.
ශ්‍රි ලංකා ජනතාවගෙන් සියයට 25%ක් Face Book ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරති. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ටාජ් සමූද්‍ර හෝටලයේ පැවති "සාධාරණ වෙළෙඳපොළක් බිහි කරමු " වැඩසටහනට එක්වෙමිනි.