වෙසක් සතිය නිසා මැයි දින සැමරුම් පසුවට ගන්න | සිළුමිණ

වෙසක් සතිය නිසා මැයි දින සැමරුම් පසුවට ගන්න

 මෙවර වෙසක් උත්සවය මැයි මස මුල් සතියට යෙදී ඇති නිසා මැයි මස 01 දාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම් පෙළපාළි සහ රැලි කල් දමන්නැයි මහානායක හිමිවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මල්වතු -අස්ගිරි මහා නායක හිමිවරු ද රාමඤ්ඤ - අමරපුර මහ නා හිමිවරු ද පොදුවේ පසුගිය සිකුරාදා අගමැතිවරයාට මේ ඉල්ලීම ඉදිරිපත් කැර ඇති අතර වෙසක් සතියේ සිදු කෙරෙන ආගමික කටයුතු සහ බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය කෙරෙහි අගතියක් නොවනු පිණිස එකී කාලයේ දේශපාලන රැස්වීම් හෝ පෙළපාලි හෝ නො පැවැත්වීම මැනවි බැව් උන් වහන්සේ අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මහ නායක හිමිවරුන්ගේ එකී ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ; ඒ පිළිබඳව අනෙක් දේශපාලන පාර්ශ්වයන් සමඟ කරුණු සාකච්ඡා කොට සතියක් ඇතුළත පිළිතුරක් ලබා දෙන බවට මහා නායක හිමිවරුන් වෙත පොරොන්දු වී ඇතැයි සිළුමිණට වාර්තා වේ.

Comments