රථවාහන අනතුරු නිසා වස­ර­කට බිලි­යන 130ක් අහිමි වෙයි | සිළුමිණ

රථවාහන අනතුරු නිසා වස­ර­කට බිලි­යන 130ක් අහිමි වෙයි

රථවාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීමට හා අහිමි වන ශ්‍රම බලකාය නිසා වසරකට රුපියල් බිලියන 130ක මුදලක් රටට අහිමිවන බව පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් බවත් පෙන්වා දෙන පොලිස් රථ වාහන කොට්ඨාසය දිනකට මහමඟදී හදිසි අනතුරු නිසා පුද්ගලයන් 8ත් 10ත් අතර පිරිසක් මිය යන බවද පෙන්වා දෙයි. එමෙන්ම දිනකට හදිසි අනතුරු නිසා පුද්ගලයන් 50කට අධික පිරිසක් බරපතළ හෝ සුළු තුවාල ලබන බවද පොලිස් වාර්තා පෙන්වා උපු‍ටා දක්වයි.

පසුගිය වසරේ ‍ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වූ වසරක කාලය තුළ හදිසි අනතුරු 2910ක් සිදුව ඇති අතර, පුද්ගලයන් 3078 දෙනකු මිය ගොස් තිබේ. එයින් 935ක් පදිකයින් වීම මෙහි කනගාටුදායකම සිදු වීම වන අතර, මිය ගිය අය අතර යතුරුපැදිකරුවන් 998ක් ද වීම කැපී පෙනෙන සිදුවීමකි.

විශේෂයෙන්ම අපරීක්ෂාකාරීව රිය ධාවනය මේ අනතුරුවලට ප්‍රධානම හේතුවක් බව ප්‍රවාහන විශේෂඥයන් විසින් පෙන්වා දෙන අතර, මහා මාර්ගයට එක් වන වාහන වැඩි වීමත් සමඟ මේ තත්ත්වය තවත් වැඩි වීමට ඉඩ ඇති බව සමාජ විද්‍යාඥයන්ගේද මතය වී තිබේ. අතිවිශාල මුදලක් අනතුරුවලට ලක් වන්නන් වෙනුවෙන් දරන්නට සිදු වීම රටේ ආර්ථිකයට විශාල ගැටලුවක් බවද පැහැදිලිවම පෙනී ගොස් ඇත‍.

Comments