
මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක් ගොඩ කර නිවාස සංකීර්ණයක් තැනීමට පෞද්ගලික ආයතනයකට අවසර ලබා දුන් රාජ්‍ය නිලධාරීන්ටත්, මුතුරාජවෙල අභය භූමිය නිසි පරිදි සුරැකීමට කටයුතු නොකළ රාජ්‍ය නිලධාරීන්ටත් විරුද්ධව වින්‍යානුකූල පියවර ගැනීමට යයි. පසුගියදා ජනාධිපතිතුමා මුතුරාජවෙල ප්‍රදේශයේ සියලු පාරිසරික දූෂණ කටයුතු හා ගොඩ කිරීම් තහනම් කළ අතර, ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති විමර්ශන ඒකකයට උපදෙස් දුන්නේය.
ඒ අනුව මේ සිදුවීම් පිළිබඳව දිගටම පරීක්ෂණ කරන බවත්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් අදාළ වැරැදි කළ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පියවර ගනු ඇති බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා පවසයි.