නාවික හමුදාව ගුවන්ගත වෙයි! | සිළුමිණ

නාවික හමුදාව ගුවන්ගත වෙයි!

ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවනින් ‍ගොස් නීති විරෝධී කටයුතු පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ නැවක සිට හෙලිකොප්ටර් හෝ වෙනත් යානා මඟින් කඩිනමින් ගොස් මත්ද්‍රව්‍ය වැටලීම මෙන්ම හදිසි අවස්ථාවලදී ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය කටයුතු යෙදීමත් මේ යානා ක්‍රියාත්මක කිරීමේ අරමුණු වී ඇත. නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ නාවික හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන මේ වැඩපිළිවෙළ යටතේ ආරක්ෂාව මෙන්ම රට තුළට සාගරය හරහා ගෙන එන සහ ඇතුළු වන නීති විරෝධී දේ පාලනය කිරීම ඉතාම පහසුවන බවයි.

ගුවන් යානා මෙහෙයුම් සඳහා නාවික හමුදා නිලධාරීන් හා ගුවන් යානා මෙහෙයුම් සඳහා නාවික හමුදා නිලධාරීන් හා සෙසු නිලයන්ම සූදානම් කිරීමට කටයුතු කරනු ලබන බවත් මේ වන විට ගොඩබිම් සටන් සඳහා විශේෂ පුහුණුවක් ලැබූ මෙරින් බළකායක් සිටින බවත් ගුවන් මෙහෙයුම් කිරීමේ කටයුතු හා සම්බන්ධ වු විට ගුවනින් මුහුදින් හා ගෙඩබිමින් යන සියලු අංශයන්ගෙන් නාවික හමුදාව පරිපූර්ණ වන බවද කීය. විශේෂයෙන්ම මේ වන විට නියමුවන් රහිත යානා ක්‍රියාත්මක කර තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීමේ සැලැසුම් නර ඇතැයිද එයින් අඩු වියදමකින් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පහසුවෙන් සිදු කළ හැකි බවද වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

 

Comments