ආහාර මිල පහළට | සිළුමිණ

ආහාර මිල පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට 2018 පෙබරවාරි මාසය දක්වා ගත වූ කාලය තුළ මෙතෙක් වාර්තාගත පහළම උද්ධමන අනුපාතය වාර්තා කළේය. ජනවාරි මාසයේ 5.4%ක්ව පැවති එය පෙබරවාරි මාසය වන විට 3.2% දක්වා පහළ බැස තිබේ. වසරින් වසර ආහාර මිල ක්‍රමානුකූලව  අඩුවීමක් පෙන්නුම් කෙරුණු අතර, පෙබරවාරි මාසයේදී වැඩිම මිල අඩු වීම වාර්තා කළේය. පසුගිය මාස 12 තුළ වෙනස් වූ සාමාන්‍ය මිල මූලික දර්ශක 40කින් අඩු වූ අතර, ජනවාරි මාසයේ 7.6%ක්වූ එය පෙබරවාරි මාසයේ 7.2% දක්වා අඩු වී තිබේ.

ආහාර මිල මූලික දර්ශක 60කින් අඩු වූ අතර, 11.5% සිට 10.9% දක්වා අඩු වීමකි. ආහාර නොවන භාණ්ඩ මූලික දර්ශක 30කින් අඩු වූ අතර 4.5% සිට 4.2% දක්වා අඩු වීමක් ජනවාරියේදී වාර්තා කළේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන අන්දමට ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසයෙන් මාසයට ගණනය කරන ආකාරයට 2018 පෙබරවාරි මාසයේ මාසික මිල පහත වැටීම 3.2%ක් වූ අතර, 2018 ජනවාරි මාසයේදී එය 5.4%ක් විය.

2018 ජනවාරි මාසයේදී වාර්ෂික ආහාර මිල පහත වැටීම 3.7%ක් වූ අතර, 2018 පෙබරවාරි මාසයේදී එය 5.4%ක් විය. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම 2.5%කින් ඉහළ ගොස් තිබේ. ගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ ජනවාරි දක්වා වාර්තා කළ 3.7%ක මිල අඩු වීම මෙතෙක් වාර්තා වූ අඩුම මිල පහළ බැසීම බවද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 

 

Comments