
මේ වසරේ මුල් මාස තුන තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රෝගි සංඛ්‍යාවට වඩා 50%කින් අඩු වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.
සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම ජනතාව විසින්ද සාමූහිකව ගෙන ගිය ඩෙංගු මර්දන වැඩපිළිවෙළ මේ අඩු වීමට හේතු වූ බව ඩෙංගු මර්දන ඒකකයෙහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රිසිලා සමරවීර පවසයි. ඒ අනුව 2017 මුල් තුන් මාසය තුළ රජයේ රෝහල් වලට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,793කි. කෙසේ වෙතත් මේ වසරේ මුල් තෙමස තුළ ඩෙංගු රෝගීන් බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 13,945ක් වූ අතර, මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9කි.