
මිනිසා සෑම විටම අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තය. එක් දොරක් වැසෙන විට තවත් දොරක් ඇර ගැනීමට ඔහුට හැකියාව තිබේ.
ජර්මනියේ බර්ලින් නුවර ෂොහෙන්බර්ග් නගර උද්‍යානය මධ්‍යයේ ඇති විල වසන්ත කාලයේදී අති සුන්දර දසුන් මවන්නේය. එහෙත් සීත කාලයේදී සම්පූර්ණයෙන් මිදී යන එය වසන්ත සුන්දරත්වය මතකයක් බවට පත් කරන්නේය. එහෙත් මිනිසා ලෙහෙසියෙන් පරාජය බාර ගන්නේ නැත. සොබාදහමට අභියෝග කරමින් මිදුනු විල මත සුන්දරත්වය සොයා යෑමට සෑම ශීත ඍතුවකම ඔවුහු මෙලෙස කටයුතු කරති. හිරු බැස යන සුන්දර සන්ධ්‍යාවක එම විලේ හිම මත ලිස්සා යමින් එහි සුන්දරත්ව තවත් ලෙසකින් අත් විඳ ගැනීමට ඔවුහු මෙලෙස කටයුතු කළහ.